ඇෆ්ගන් පාකිථාන ආර්ථික අර්බුද දෙරට උරණ කර ලකුණු

afghan

දැඩි ආර්ථක මෙන්ම මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින ඇෆ්ගනිස්ථානයට තවදුරටත් පාකිස්ථානය මත යැපීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මේවන විට ශ්‍රී ලංකාවට සමාන දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානයට ඇෆ්ගන් ආර්ථිකයට සහය දීමට නොහැකි තත්ත්වයක් පවතින අතර ඇෆ්ගනිස්ථාන ආර්ථික අභියෝගයක්ද නිර්මාණය කර තිබේ.

ඒ අනුව මේවන විට පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථාන වෙළඳුන්ට පකිස්ථාන අපනයනය තෝරා ගැනීමට බල කිරීමයි. එහිදී පකිස්ථාන අපනයන ඉහල සහ සිය නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා පියවර ගනිමින් සිටී.


මේ අතර පාකිස්ථානය විසිද් ඇෆ්ගනිස්ථානයට සිය දේශ සීමා වසා දැමීමටද පියවරගෙන ඇති බවට වාර්තාවේ. ඇෆ්ගනිස්ථානයට වරායත් නොමැති කම හේතුවෙන් සිය අපනයන පාකිස්ථාන වාරයන් හරහා සිදු කිරීමට කාලයක පටන් එරට පුරුදුව සිටි අතර මෙම තත්ත්වය අනුව ඊට මේවන විට භාදා සිදුව ඇති බවටද වාර්තා වේ.

ඒ අනුව එය ඇෆ්ගිනිස්ථානයට දැඩි ලෙස බලපා ඇති අතර එරට අර්ථිකට ඇති එකම පිළිසරණද අහිමි වී යාමේ තත්ත්වයක් ඇතිව තිබේ.

පාකිස්ථානය සිය ග්වාඩර් වරාය ලබාදීමට පියවරගෙන තිබුණද මේවන විට එහි සමස්ථ අයිතියම පාහේ චීනය සතුව තිබේ. ඒ අනුව එම වාරය වැඩිදියුණු කිරීම චීනය විසින් සිදු කරන බැවින් එයද භාවිතා කාරීමට ඇෆ්ගනිස්ථානයට නොහැකි වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය අනුව ඇෆ්ගනිස්ථානය විසින් සිය නිෂ්පාදන අපනයන කිරීමට විකල්ප සොයාමින් සිටින බවටද වාර්තාවේ. ඒ අනුව මේවන විට ඉරාන වාරයන් භාවිතා කිරීම සම්බන්ධයෙන්ද ඇෆ්ගනිස්ථානයේ අවදානය යොමුව ඇති බවද වාර්තාවේ.

Exit mobile version