ඇස්ට්‍රාසෙනෙකා නැතුව ජර්මානු චාන්සෙලර්වරියත් දෙවැනි මාත්‍රාවට මොඩර්නා ගනී

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටි ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ඇගේ දෙවන මාත්‍රාව ලෙස මෝඩර්නා කොරෝනා වයිරස් මර්දන එන්නත ලබා ගත් බව විදෙස් වාර්තා පවසයි.

66 හැවිරිදි ඇය අපේ‍්‍රල් මාසයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව ලබා ගෙන තිබුණි.

ජර්මානු බලධාරීන් විසින් එන්නත් භාවිතා කිරීමට නිර්දේශ කළේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා පමණි.


ජර්මනියේ කොවිඩ් එන්නත් කිරීම මෑත සතිවල තියුණු ලෙස වේගවත් වී තිබේ.

අඟහරුවාදා වන විට ජර්මනියේ ජනගහනයෙන් දෙකෙන් එකක් හෝ සියයට 51.2 ක් ඔවුන්ගේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත.

පළමු මාත්‍රාව සඳහා ලබාගත් ලොව රටවල් 90කට පමණ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් සැපයුම් අඩාල වීම දැඩි ලෙස බලපා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා එම එන්නත හා ගැළපිය හැකි විකල්ප එන්නත් පිළිබඳ තවමත් අත් හදාබලමින් සිටී.

Exit mobile version