ඇස්ට්‍රාසෙනෙකාවලින් ඩෙල්ටාවට එරෙහිව මෙරට තුළදී සියයට 95ක ප්‍රතිශක්තියක්!

astrazeneca vaccine

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට හඳුනාගෙන ඇති ‘ඩෙල්ටා’ ප්‍රභේද පාලනය කිරීම සඳහා සියයට 95 ක්ම සාර්ථක ව ක්‍රියා කරන බව ශ්‍රි ලංකාවේදී සිදු කරන ලද සායනික පර්යේෂණවලදී තහවුරු ව ඇතැයි ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා පවසයි.

කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සායනික පර්යේෂණ මාස 4 ක් පුරාවට සිදු කිරීමෙන් පසු මේ බව තහවුරු වී ඇතැයි මහාචාර්ය දොඩම්පහළ උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු හා දෙවන මාත්‍රාවන් මෙම ප්‍රතිශක්තිකරණය වැඩි කරන අතර කොවිඩ් ආසාදනය පාලනය කරන බව මහාචාර්ය දොඩම්පහල මහතා සඳහන් කර තිබේ.


ඔහු පවසා ඇත්තේ එන්නත ලබා දීමෙන් මාස දෙකකට පසුව ශරීරයේ ප්‍රතිදේහ වර්ධනය වෙමින් පවතින බව පරීක්‍ෂණවලින් හෙළිව ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්, චීන නිෂ්පාදිත සයිනොෆාම් එන්නත, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්-වී එන්නත, ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත තවමත් ශ්‍රි ලංකාව තුළ සායනික ව පර්යේෂණ මට්ටමේ පවතින බව වෛද්‍ය දොඩම්පහල මහතා උපුටා දක්වන ඩේලි මිරර් සඳහන් කරයි.

Exit mobile version