ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව නැති 537000ක් අවදානමක -ජපානෙන් එන දිනේකුත් නෑ! වෙන එකක් දෙන්නෙත් නෑ

astrazeneca vaccine

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ වනවිට තම දෙවන මාත්‍රාව ලබා නොගැනීම නිසා නව වෛරස ප්‍රභේද හමුවේ යම් අවදානම් තත්ත්වයක පසුවන බවත් යම් හෙයකින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ප්‍රමාද වන්නේ නම් ඔවුන්ට සුදුසු වෙනත් එන්නතක් විකල්පයක් ලෙස ලබා දීම කෙරෙහි තවමත් එන්නත් පිළිබඳ බලධාරීන් කල් බලමින් සිටින බවත් වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් ලබා දීම සඳහා ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය මුලින්ම යෝජනා කළ අතර පසුව ෆයිසර් එන්නත් පැමිණීමත් සමග ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස එම එන්නත ලබා දීම ඇරඹිණ. එසේ වුවද එම එන්නත්කරණය සිදු කෙරුණු පළමු දිනයේදීම එය නවතා දැමීමට බලධාරීන් ක්‍රියා කළ අතර එයට හේතු වූයේ ජපානයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 14ක් කොවැක්ස් පහසුකම යටතේ ජූලි මාසයේ පැමිණෙන බවට ප්‍රකාශ වීමය. කෙසේ වුවද නිශ්චිත හේතුවක් දැක්විමකින් තොරවම මෙම එන්නත් තොගය ශ්‍රි ලංකාවට පැමිණෙන දිනය අවිනිශ්චිත බවට පත්ව ඇති අතර මේ තත්ත්වය හෙතුවෙන් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා නොගත් 537,000කට ආසන්න පිරිසක් අතරින් විකල්ප ෆයිසර් මාත්‍රාව ලද්දේ පුද්ගලයන් 2171කට පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ යාවත්කාලීන කරන ලද, ඇස්ට්‍රාසෙනිකා එන්නත් භාවිතය පිළිබඳව සටහනේ කොවිඩ් වෛරසයෙන් සම්පූර්ණ ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත යුතු බව සඳහන් වන අතර එය පළමු එන්නතින් සති 8ත් 12ත් අතර කාලය තුළ ලබා ගැනීම වඩාත් ඵලදායී බවට සඳහන් කර ඇත. එසේ වුවද මෙම එන්නත ප්‍රමාද වන්නේ නම් දැනට මෙරටට පැමිණ තිබෙන මොඩර්නා ,ස්පුට්නික් හෝ ෆයිසර් එන්නත්වලින් එය ලබා දිය හැකි බව වෛද්‍ය විශෙෂඥයන් පෙන්වා දී තිබුණද මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැත


Exit mobile version