ඇස්ට්‍රාසෙනිකා එන්නත් අවුලේ අවසන් තීරණය අද!

ශ්‍රී ලංකාවට හිඟ වී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ප්‍රමාණය මෙරටට ලබාගත හැකිද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය අදින් පසුව ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත්  දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් සොයා ගැනීම සඳහා, රටවල් කිහිපයක් සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිපල අද ලැබීමට නියමිත බව එම ආරංචිමාර්ග පැවසුවේය.

කෙසේ වෙතත්  ඉන්දුනීසියාවේ ඇති බවට අනුමාන කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව අද මාධ්‍ය වාර්තා කර තිබිණි.


ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත්   දොලොස් ලක්ෂ හැටපන්දහසක් ලංකාවට මුල් අවස්ථාවේ ලැබී තිබිණි.   එන්නතේ පළමු මාත්‍රාව ලංකාවේ පුද්ගලයින් නව ලක්ෂ විසිපන් දහස් දෙසීය හතලිස් දෙකකට   ලබා දුන්නේය. ඒ අනුව දෙවන මාත්‍රාව ලබාදී සම්පූර්ණ කිරීම සඳහා ලක්ෂ 06 කට ආසන්න එන්නත් මාත්‍රා හිඟයක් පවතින බව රජය වාර්තා කළේය.

ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්විඩනය යන රටවල ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් තිබේදැයි එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් හරහා සොයා බලන බව සෞඛ්‍ය අංශ පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version