ඇයි මේ සාත්තර ගෑනියෙකුට පොලිස් ගාර්ඩ් එක…. දෙවියො ලෙෆ්ට් ද? – හිරුණිකා අසයි….

ජනාධිපතිවරයා ඇතුළු රටේ ඉහළම පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ මෙන්ම ව්‍යාපාරිකයන්ගේ  විශ්වාසය දිනාගත් කාලි වරම් සහිත බව කියන ඥානක්කාගේ දේවාල භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් සැපයීම සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  අද පොලිසියෙන් ප්‍රශ්න කර සිටියාය.

ඇය පවසා සිටියේ කාරණා දෙකක් මුල් කරගෙන දේවාලයට ගොස් ඥානාක්කා හමුවීමට තමන්ට අවශ්‍ය බවය. එක් කාරණාවක් නම් රට පත් වී ඇති මේ නරක කාලයට ප්‍රතිකර්මයක් ලබා ගැනීමය.

අනෙක් කාරණාව  තමන් ජනාධිපතිවරයා හමුවී සන්දේශයක් භාරදීමට  ඔහුගේ නිවසට ගියත් හමුවීමට නොහැකි නමුත් මේ දේවාලයට සතියකට දෙවරක් ඔහු පැමිණෙන බැවින් ඔහු හමුවීමය.


තමන්ගේ ගමන වළක්වා    ඥානා අක්කාට පොලිස් ආරක්ෂාව ලබා දෙන්නේ කුමන පදනමකින්දැයි විමසූ ඇය දෙවියන් ලෙෆ්ට් වී ඇති දැයි විමසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිරුණිකා ඇතුළු පිරිසට එම පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ නොදී හැකි සෑම අයුරකින්ම පොලිස් ආරක්ෂාව තර කර තිබිණි.

Exit mobile version