ඇමෙරිකාවේ ඉහළම පරිසර සම්මානයෙන් පිදුම් ලද ශ්‍රි ලාංකික  මහාචාර්යවරියට  සරසවියේ දොර වසයි!

Priyanga

ඇමෙරිකාවේ පාරිසරික විද්‍යාඥයකුට ලබා දෙන ඉහළතම ඇගයීම ලද ශ්‍රි ලාංකික පරිසර විද්‍යාඥවරියකවන මහාචාර්ය ප්‍රියංගා අමරසේකර ඇය සේවය කරන ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාල සේවය වසරකට අත්හිටුවීම සහ ඇයගේ වැටුපින් සියයට 20ක් අඩු කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන ඇත.

එම අත්හිටුවීමට එරෙහිව ලෝකය පුරා පරිසර විද්‍යාඥයන් 300 දෙනකුට අධික පිරිසක් විසින් මෙ වනවිට පෙත්සමක් අත්සන් කොට විශ්වවිද්‍යාලයය වෙත භාර දී ඇති බව  ලෝ ප්‍රකට “ද නේචර්“ සඟරාව පවසයි.

ඇය විසන් සිදු කරන ලද පර්යේෂණ වෙනුවෙන්  ඇමෙරිකාවේ පාරිසරික විද්‍යාඥයකුට දෙන ඉහළම සම්මානයවන රොබට් එම් මැක්ආතර් සම්මානය ඇය  වෙත ලබා දී ඇති අතර මෙම සම්මානය පසුගිය වසරේ අප්‍රියෙල්  මාසයේදී ඇයට ලබා දී ඇත්තේ ඇමෙරිකානු පාරිසරික විද්‍යාඥයන්ගේ සංගමයයි.

එම සම්මානය හිමි වීමෙන් මාස කිහිපයකට පසුව කිසිදු හේතුවක් නොදන්වා  ඇය සේවය කරන විශ්ව විද්‍යාලය ඇයගේ සේවය වසරක කාලයකට අත්හිටුවා ඇති අතර වැටුප සියයට 20කින් අඩු කිරීමටද තීරණය කර තිබේ. කිසිදු හේතු දැක්වීමකින් තොරව ඇයට මෙම දඩුවම ලබා දී ඇති බව ද නේචර් සඟරාව පවසන අතර මේ තත්ත්වය හේතුවෙන් ඇයට විශ්වවිද්‍යාලයයට ඇතුළු වීම ,මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීම  සිසුන් සමඟ කටයුතු කිරීම විශ්ව විද්‍යාලයීය අරමුදල් භාවිත කිරීම ද තහනම් කර ඇති බව සඳහන් වේ.


මෙම තහනම හේතුවෙන් මහාචාර්ය ප්‍රියංගා අමරසේකරට විශ්ව විද්‍යාල විද්‍යාගාරයක ඇති කෘමි ගොවිපළ ද   නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබී නොමැති  බව සඳහන් වේ.

කෙසේ වුවද ඇය සහ විශ්ව විද්‍යාල පරිපාලනය අතර දිගු කාලීන මතභේදාත්මක තත්ත්වයක්ද තිබී ඇති බව වාර්තා වන අතර ඇයගේ මෙම   අත්හිටුවීම පලිගැනීමක් විය හැකි බවද සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඇයට කළ මෙම අසාධාරණ , හේතු දැක්වීමෙන් තොරව සේවා අත්හිටුවීම වහා ඉවත් කරන ලෙස ඉල්ලා විද්‍යාඥයින්  315 දෙනකු අත්සන් කළ පෙත්සමක් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයීය  සභාව වෙත ලබා දී ඇති බව සඳහන් වේ.

Exit mobile version