ඇමෙරිකාවෙන් ශ්‍රි ලංකාව ඇතුළු ආසියානු රටවල්වලට එන්නත් මිලියන 7ක්

එක්සත් ජනපද එන්නත් මාත්‍රාවන් මිලියන 80 ක් ලොව පුරා බෙදා ගැනීම සඳහා කටයුතු කරන බව ධවල මන්දිරය අද නිවේදනය කළේය. එක්සත් ජනපදය මෙම එන්නත්වලින් 75% ක් කොවැක්ස් වැඩසටහන හරහා (COVAX) හරහා බෙදා හරිනු ඇත.

නිවේදනයට අනුව එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සඳහා දළ වශයෙන් මිලියන 7 ක් සැපයීමට නියමිතය. ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, තායිවානය සහ පැසිෆික් දූපත් ද ආසියානු රටවල් අතර වේ. දෙවන මාත්‍රාව ලෙස භාවිතා කිරීම සඳහා දැනට පවතින ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවෙහි ලක්ෂ 6ක හිඟය පිරවීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නිලධාරීන් බලාපොරොත්තු තබා ඇත.

ධවල මන්දිර නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ මෙය විශාලතම රටවල් සංඛ්‍යාවට සහ රටවල් තුළ වඩාත් අවදානමට ලක්ව ඇති අයට සමානව ලබා ගත හැකි එන්නත් ප්‍රමාණය උපරිම කරන බවයි. COVAX හරහා බෙදා ගන්නා මාත්‍රා සඳහා, එක්සත් ජනපදය අප්‍රිකානු සංගමය සමඟ සම්බන්ධීකරණයෙන් ලතින් ඇමරිකාව සහ කැරිබියන්, දකුණු සහ අග්නිදිග ආසියාව සහ අප්‍රිකාවට ප්‍රමුඛත්වය දෙනු ඇත. මේ අනුව ඔවුන් එන්නත් මිලියන 25ක් විවිධ රටවල් අතර බෙදම සඳහා වෙන් කර ඇති අතර එයින් එන්නත් මාත්‍රා මිලියන 19ක් කොවකස් පහසුකම හරහා බෙදා දීමට සැලසුම් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්ෂණික අවශ්‍යතා සඳහා එක්සත් ජනපදයට ලොව පුරා රටවල් වලින් එන්නත් සඳහා ඉල්ලීම් ලැබී තිබේ. එක්සත් ජනපදය විසින් පරිත්‍යාග කරන ලද මාත්‍රා වලින් හතරෙන් එකක් දක්වා සෘජුවම අවශ්‍ය රටවල්, අවදානම් සහගත කාණ්, ආසන්න අසල්වැසියන් සහ ක්ෂණික එක්සත් ජනපද ආධාර ඉල්ලා ඇති වෙනත් රටවල් සමඟ බෙදා ගනු ඇති බවද ධවල මන්දිරය නිවේදනය කළේය.

Exit mobile version