ඇමෙරිකානු තානාපතිනිය සහ අනුර කුමාර දිසානායක අතර හමුවක් !

ඇමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය අද සවස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වර්තමානයේ පවතින  අභියෝග පිළිබඳව සාකච්ඡා කළ බව තාතාපතිවරිය පවසයි. සිය ට්විටර් ගිණුමේ මෙම හමුවීම පිළිබඳව සටහනක් තබමින් ඇය තවදුරටත් පවසන්නේ  ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් උද්ගත වී ඇති ආර්ථික අර්බුදය විසඳීමට  රජය විසින් ගනු ලබන ප්‍රයත්නයන් හමුවේ සැම පාර්ශ්වයකගේම සහභාගීත්වය සහිත තිරසාර විසඳුම් පිළිබඳව රටේ සියලු දේශපාලන නායකයින් සමඟ සිදු කරන අඛණ්ඩ සාකච්ඡා පෙළට අනුව අනුර කුමාර දිසානායක මහතා හමුවූ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය මේ වනවිට මෙරට දේශපාලන ක්ෂේත්‍රය් විවිධ  පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වන අතර පසුගිය දින කිහිපයේදී නව අගමැතිවරයා සමඟත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟත් සාකච්ඡා කළාය.

Exit mobile version