ඇමෙරිකානු ජනපති සටන අද

අමෙරිකා එක්සත් ජනදපයේ ජනාධිපතිවරණය අද (03) පැවැත්වීමට නියමිතයි.

ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමට ලක්වෙමින් වුවද මෙවර පැවැත්වෙන්නේ අමෙරිකාවේ 59 වැනි ජනාධිපතිවරණයයි.

එහිදී වසර 4ක ධූර කාලයක් වෙනුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය.


රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ඔබාමා රජයේ උප ජනාධිපති ජෝ බයිඩන් අතර තරඟය වඩාත් තීව්‍ර වී තිබෙන බව වාර්තා වෙයි.

මෙම ජනාධිපතිවරණ ක්‍රියාවලියේ ප්‍රාන්ත 50ක ඡන්ද දායකයන්ගේ කැමැත්ත පරිදි අද පැවැත්වෙන්නේ අවසාන මහා ඡන්ද විමසීම ය.

මේ වනවිටත් ඇමෙරිකානුවන් මිලියන 92කට වඩා වැඩි සංඛ්‍යාවක් තැපෑලෙන් හා පෙර ඡන්දය ප්‍රකාශකර ඇත. එය සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් තුනෙන් දෙකක් පමණ නියෝජනය කරයි.

සාපේක්ෂව සැසඳීමේ දී පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම හා පුද්ගල ඡන්ද භාවිතය 2016 වසරේ දී සියයට 41 ක් පමණ වූ අතර දැනට ප්‍රකාශිත ඡන්දවලින් වඩාත් උණුසුම් තරඟයක් පවතින ප්‍රාන්තවල හිලරි ක්ලින්ටන් 2016 වසරේ දී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් ජෝ බයිඩන් ලබාගෙන තිබෙන බවට වාර්තා වේ.

ඇමරිකානුවන් 230,000 කට වැඩි පිරිසක් COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් මියගොස් ඇති අතර මැතිවරණයට බලපාන කේන්ද්‍රීය ගැටළු අතර එය ඉදිරියෙන්ම ඇත්තේ ට්‍රම්ප් පාලනයට දැඩි විවේචන ද සමගිනි.

මේ තත්ත්වය තුළ මෙවර මැතිවරණය වඩාත් තරගකාරී වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මිලියන 240ක් දෙනා මෙවර ජනාධිපතිවරණයට ඡන්ද දායකයන් ලෙස සුදුසුකම් ලබා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමෙරිකාවට මේ මොහොත වනවිටත් අඟහරුවාදා දිනය උදාවී නැති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ ප්‍රාන්ත 7ක රැලි 10ක් ද ජෝ බයිඩින් විසින් පෙන්සිල්වේනියාවේ බ්ලැන්කට් හි අවසන් රැලිවලට සහභාගි වී සිටියි.

Exit mobile version