ඇමරිකාව පාස්කු ප්‍රාහාරයේ යුක්තිය අපේක්ෂා කරන වින්දිතයින් සමගයි… ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග්!

Julie-chung-us

පාස්කු ප්‍රාහාරයේ යුක්තිය අපේක්ෂා කරන වින්දිතයින් සමග ඇමරිකා එක්සත් ජනපදය සහයෝගයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග් ප්‍රකාශ කරයි.

2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීමට  එක්වෙමින් ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ ෙවසර හතරකට පෙර පාස්කු ඉරිදා බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාවකින් ඝාතනය වූ ඇමරිකානුවන් පස් දෙනෙකු ඇතුළු සිය ගණනක් අහිංසක මිනිසුන් සිහි කරන බව.

එක්සත් ජනපදය වින්දිතයින්ට, ඔවුන්ගේ පවුල්වලට සහ පීඩාවට පත් වූ සියලුම ප්‍රජාවන්ට ගෞරව කරන අතර යුක්තිය අපේක්ෂාවෙන් සිටින අය සමඟ සහයෝගයෙන් සිටින බව ද ඇය වැඩිදුරටත් දක්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version