ඇමරිකාවේ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රිය පිලීපැනීමෙන් අවට නිවැසියන් ඉවත් කෙරේ

US train crash

පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන ගිය දුම්රිය ඇමරිකාවේ වයබ දිග අයිඕවා හිදී පීලිපැනීමත් සමඟ ඒ අවට වෙසුනු ජනතාව ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඉරිදා දහවල් කාලයේදී දුම්රිය පිලිපැනීම සිදුව ඇති අතර ඒත් සමඟම ප්‍රදේශයේ ජීවත්වූ 2700ක් පමණ ආරක්ෂිත ස්ථානකාර යොමු කිරීමට බලධාරීන් පියවරගෙන තිබේ.

දුම්රිය අනතුරත් සමඟ ඊට අසාන්නයේ සැතපුම් 5ක් පමණ ප්‍රදේශයෙන් විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස නම්කිරීමට බලධාරීන් පියවරගෙන ඇත.


දුම්රියේ පොහොරෙ නිෂ්පාදනයට යොදාගන්න රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති අතර එහි ඇමොනියම් නයිටේ්‍රට්ද ප්‍රවාහනය කර තිබේ.

පීලිපැනීමත් සමඟ ඇතැම් දුම්රිය මැදිරි කිහිපයක්ද ගිණි ගැනීමට ලක්ව තිබේ.
යූනියන් පැසිපික් දුම්රිය සමාගමේ මාධ්‍ය ප්‍රකාශය දුම්රිය මැදිරි 47ක් පීලි පැනීමට ලක්ව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගතවූ පැය 24තුල ඇමරිකාවේ සිදුවූ දෙවන දුම්රිය අනතුර මෙය වන අතර ගෙවුනු සතිය තුල පමණක් ඇමරිකාව තුල දුම්රිය අනතුරු 3ක් සිදුව තිබේ.

Exit mobile version