ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තය තුළ  ටික් ටොක් සපුරා තහනම් වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ චීනයට අයත් බයිට් ඩෑන්ස් සමාගමට අයත් ටික්ටොක් තහනම් කළ පළමු ප්‍රාත්නය බවට මොන්ටානා ප්‍රාත්නය පත්වේ.

ඒ අනුවදත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මෙලෙස ටික්ටොක් තහනම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මොන්ටානා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝටේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ තම ප්‍රාන්තය තුල ටික් ටොක් භාවිතා කිරීම තහනම් කිරීමට කටයුතු කළ බවයි.

තමන් විසින් මෙලෙස ටික් ටොක් තහනම් කිරීමට පියවර ගත්තේ ප්‍රාන්තයේ ජනතාවගේ පුද්ගලික දත්ත චීන කොමියුනිස්ට් පක්ෂය අතට පත්වීමෙන් වළක්වා ගැනීමේ අරමුණින් බවද හෙතෙම සිය ට්විටර් සටහනේ දක්වා තිබිණි.


මෙහිදී අණ්ඩුකාරවරයා පවසා ඇත්තේ විදෙස් බලවේග විසින් ඇමරිකාව අස්ථාවර කිරීමට ටික්ටොක් යොදාගෙන ඇති බවත් එමගින් ඇමරිකානුවන්ට විශාල බලපෑමක් සිදුවන බවයි. ඒ අනුව තමන් හුදෙක් ඇමරිකාවට ඇති ආදරය හේතුවෙන් මෙම තීරණය ගත් බවද ආණ්ඩුකාරවයා පෙන්වා දී තිබේ.

වාර්තා වන අන්දමට මෙම තහනම අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වීමට ඉඩ පවතින අතර එහිදී කුමන ආකාරකයේ තීන්දුවක් ලැබෙනු ඇති බවට උපකල්පනය කිරීමට අපහසු බවටද වාර්තාවේ.

කෙසේවෙතත් ඇමරිකනු දේශපාලඥයින් රැසක් ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් දේශපාලන ව්‍යාපරයක් ආරම්භ කර ඇති අතර එහිදී ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන පොරෝන්දුවක් බවටද පත්ව ඇත්තේ ටික් ටොක් තහනම් කිරීමයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය කාලය තුලදී ඇමරිකානු නව යොවුන් වියේ පසුවන්නන් අතර ටික්ටොක් බෙහෙවින් ජනප්‍රිය වූ අතර ඒ අනුව ඇමරිකානු සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතය සීඝ්‍රයෙන් පහතයාමක්ද සිදුවිය.

Exit mobile version