ඇමරිකාවෙන් ඉන්දියාවට හොට දැමූ චීනයට සැර උත්තරයක්

China-Australi

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ඉන්දු චින දේශ සීමාවන්ට ආසන්නයේ පැවති යුද පුහුණුව චීනය විසින් හෙළා දැකීමට එක්සත් ජනපදය සිය දැඩි ප්‍රතිරෝධය පළකර තිබේ.

ඒ අනුව ඉන්දියාව සහ තමන් විසින් සිදුකරනු ලබන යුධ අභ්‍යාස සම්බන්ධයෙන් අදහස් දැක්වීමට චීනයට අදාල කාරණයක් නොවන බවත් අන් පාර්ශවයන්ගේ කටයුතු වලට මැදිහත්වීම අනවශ්‍ය ක්‍රියාවක් බවත් එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පසුගිය කාලයේදී සිය ආරක්ෂක සම්බන්ධතා වල වර්ධණයක් ඇති වූ අතර එය ඉන්දියාවේ සමබර විදේශ ප්‍රතිපත්තියේ සාර්ථක බව පෙන්නුම්කරන්නක ලෙස බොහෝපිරිසක් පෙන්නා දෙනු ලබයි.


මේ අතර එක්සත් ජනපද නියෝජිතවරිය වන එලිසබෙත් ජෝනස් ප්‍රකාශ කර ඇත්තේ පාකිස්ථානයේ එෆ් 16 ප්‍රහාරක යානා බලඇණීය පවත්වා ගැනීමටත් එය නඩත්තු කිරීමට පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 450ක පැකේජයක් ලබා දීම සිදුකරන බවයි. එහිදී ඇය පෙන්වා දී ඇත්තේ මෙහිදී අදාල ප්‍රහාරක යානා බල ඇණිය වැඩිදියුණු කිරීමට සහයක් ලබාදීමක් සිදුනොවන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියාව සිය දැඩි විරෝධය පළකර සිටි අතර ඒ සම්බන්ධයෙන් ජෝන්ස් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදය ගුවන් යානා සපයන සියලුම රටවලට සමාන නඩත්තු පැකේජ ලබාදීම සිදුකර ඇති බවයි. පකිස්ථානය සමඟ ඇති සබඳතා සම්බන්ධයෙන් ඇය කියා සිටියේ ඉන්දියාව සහ පකිස්ථානය සඳහා එක්සත් ජනපදයට වෙනම ප්‍රතිපත්ති ඇති බවත් ඒවා එකිනෙකට සම්බන්ධ හෝ රඳා පවතින ඒවා නොවන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රුසියාවේ තෙල් මිල සීමාව සම්බන්ධයෙන් ජෝන්ස් අදහස් දැක්වීම සිදුකළ අතර කතා කළේ, එහිදී ඇය පෙන්වා දෙනු ලැබුවේ රුසියානු තෙල් සඳහා උපරිම මිලක් නියම කිරීම මොස්කව්හි යුද්ධ කිරීමේ හැකියාව අඩු කිරීමට ගත් පියවරක් බවයි.

Exit mobile version