ඇමරිකානු සම්බාධක මත චීනය සහ රුසියාව තවත් සමීප වීමේ නව අවදානමක්

රුසියාවට බටහිර රටවල් නව සම්බාධක පැනවීමත් සමඟම චීනය රුසියාවට තවත් සමීප වීමේ අවධානමක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුක බටහිර හිතවාදී රාජ්‍යන් විසින් රුසියානු බැංකු පද්ධතියට විශාල ලෙස බලපෑම් එල්ල වන පරිදි මෙම සම්බාධාක පැනවීම සිදුකර තිබීම විශේෂත්වයකි.
මෙම නව සම්බාධක හේතුවෙන් රුසියාවට විදේශ වෙළෙදාමටම විශාල බලපෑමක් එල්ලවන අතර ජර්මානිය විසින් රුසියාන ගෑස් නල පද්ධතිය ඔස්සේ ගෑස් ලබාගැනීමද නවතා දැමීමට පියවරගෙන තිබේ.

ඒ අනුව උද්ගතවී ඇති තත්ත්වය අනුව රුසියාවට ඇමරිකානු ඩොලරය පදනම් නොවූ වෙළෙඳාම් සඳහා යොමුවීමට බොහෝ ඉඩ පවතින බවත් ඒ සඳහා චීනය වෙළෙඳපොළ වඩාත්ම යෝගය වන ඇති බවටද ආර්ථික විශේස`ඥයින් පෙන්වදෙයි.


වෙනත් රාජ්‍යන්ට සාපෙක්ෂව බොරතෙල් නිෂ්පාදකයෙකුට ආර්ථික සම්බාධක පැනවීමේදී එහි යම් හිඩැස් නිර්මාණය වීමේ විශාල හැකියාවක් පවතී. ඒ අනුව රුසියාවට සිය ඛණිජ තෙල් සහා ගෑස් චීනය සමඟ හුවමාරු කරගැනීමට හැකියාව පවතින බවද ආර්ථික විශ්ලේෂඛයින් සඳහන් කරයි.

මෙම තත්ත්වය අනුව රුසියාවට අවශ්‍ය අනෙකුත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ඇතුලු භාණ්ඩ චීනයෙන් ලබා ගැනීමට හැකියාවද පවති යී. එමගින් ඇමරිකානු ඩොලරය භාවිතා කිරීමට තහනම් පැනවුනද සිය ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට හැකියාව නිර්මාණය විය හැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙම තත්ත්වයත් සමඟ රුසියාව සහ චීනය තවත් සමීප වීමේ හැකියාවක් පවතින අතරම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රබලයින් දෙදෙනෙකු එක්වීම ඉදිරි ගෝලීය බල තුලනයටද විශාල බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක් පවතී.

 

Exit mobile version