ඇමරිකානු ජනාධිපති සමාජ මාධ්‍යට දෙහි කපයි

කොරෝනා මර්ධන එන්නත්කරන පිළිබඳ ව්‍යාජ තොරතුරු ෆේස්බුක් වැනි සමාජ ජාල මාධ්‍ය තුල පැතිරවීමට ඉඩ දීම ජනතාව ඝාතනය කිරීමකට සමාන ක්‍රියාවක් බව ඇමරිකානු ජානාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ඊයේ (16) සමාජ ජාල මාධ්‍ය විසින් එන්නත්කරනය පිළිබඳ ව්‍යාජ තොරතුරු පැතිරවීමට වැලැක්වීමට කටයුතු කරන ආකාරය පිළිබඳ කළ විමසීමකදී මේ බව ප්‍රකා්‍ය කර ඇත.

කොරෝනා මර්ධන එන්නත්කරනය පිළිබඳ ව්‍යාජ තොරතුරු පැතිරවීමට ෆේස් බුක් වැනි සමාජ ජාල මධ්‍ය අසමත්වී ඇති බව ඇමරිකානු රජය විසින් මේ වන විට දැඩි ලෙස විවේචනය ලක්කමින් සිටියි.


එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ “කොරෝනා වෛරසය පැතිර යන්නේ එන්නත්කරනය නොකළ පිරිස අතරයි. ඒ නිසා ව්‍යාජ තොරතුරු පැතිරවීම මගින් ඔවුන් එම ජනාතාව ඝාතනය කරනවා.” යනුවෙනි.

මේ අතර බ්‍රහස්තපතින්දා ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි විසින් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා මර්ධන එන්නත්කරනය පිළිබඳ ඇමරිකාවේ සාමජ ජාල මාධ්‍ය වල සැරිසරන ව්‍යාජ තොරතුරු වලින් සියයට 65ක් පුද්ගලයින් 12 දෙනෙකු විසින් පැතිරවීම සිදුකරන බවයි.

සාකි විසින් එරට ලාභ නොලබල සංවිධනයක් විසින් කළ සමීක්ෂණ වාර්තාවක් පදනම් කරගෙන මෙම ප්‍රකාශය කර තිබිණි.

එම වාර්තාවනට අනුව හිටපු ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ ඥාති පුත්‍රයෙකු වන රොබර්ට් එෆ් කෙනඩි විසින් සිය සමාජ ජාල මාධ්‍ය විසින් විශාල වශයෙන් එන්නත් කරනය පිළිබඳ ව්‍යාජ තොරතුරු පැතිරවීම සිදුකරයි.

ඉන්ස්ටග්‍රෑම් හී කෙනඩිගේ ගිණුම මෙම වසර මුලදී ඉවත් කිරීම මෙම වසර මුලදී ඉන්ස්ටග්‍රෑම් හී හිමිකාරිත්වය දරණ ෆේස් බුක් සමාගම පියවරගෙන තිබිණි.

කෙසේ වෙතත් ලක්ෂ තුනකට අධික රසිකයින් එසේත් නැත්තම් සාමජ ජාල මාධ්‍ය අනුගාමිකයින් සිටින කෙනඩිගේ ෆේස් බුක් ගිණුම තවමත් සක්‍රියව පවතී.

ඒ අනුව ව්‍යාජ තොරතුරු පැතිරවීම කරන එකම පුද්ගලයෙකුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පමණක් ඉවත් කිරීමට ෆේස්බුක් තීරණය කිරීම පිළිබඳ විවාදයක්ද නිර්මාණය වී ඇත.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතිචාර දක්වමින් ෆේස් බුක් සමාගම සඳහන් කර ඇත්තේ එන්නත්කරන පිළිබඳ ව්‍යාජ තොරතුරු පළකිරීම වැලැක්වීමට පියවර ගෙන ඇති බවයි.

“නිසි කරුණු නොමැතිව කරන චෝදනා වලින් අපේ අවදානය වෙනතකට යොමුකරන්න බැහැ. ඇත්තටම බිලියන දෙකකට අධික පිරිසක් එන්නත්කරන පිළිබඳ සත්‍ය තොරතුරු අපේ සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ලබාගෙන ඇත.“

“අන්තර්ජාලය තුල වෙනත් කිසිම වෙබ් අඩවියකින් එතරම් තොරතුරු ප්‍රමාණයක් ජනතාවට ලබාදී නොමැත.” යනුවෙන් ෆේස් බුක් සාමගමේ මාධ්‍ය ප්‍රකාශක කෙවින් මැක්ඇලිස්ටර් ප්‍රකාශ කර තිබේ.

මිලියන තුනකට අධික ඇමරිකානුවන් පිරිසක් ෆේස් බුක් ඔස්සේ කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම ඇති ස්ථාන සහ ඒ පිළිබඳ තොරතුරු ලබාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ට්විටර් සහ යූ ටියුබ් සමාජ ජාල මාධ්‍ය හිමිකාර සමාගම් මේවන තෙක් බයිඩන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වා නොමැත.

Exit mobile version