ඇමති රෝහිත අබේගුණවර්ධන අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්…

අල්ලස් පනතේ ප්‍රතිපාදන අනුව නඩුව ගොනු කර නෑ කී අල්ලස් කොමිසම අධි චෝදනා  ඉවත් කරගනී...

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 412 කට අධික වටිනාකමින් යුත් දේපල සහ මුදල් අයථා අන්දමින් ඉපයීමක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කළ නඩුවෙන් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද  (19)නියෝග කළේය.

අමත්‍යවරයාව මෙසේ නිදොස්කොට නිදහස් කිරීමට  කොළඹ මහාධිකරණය තීන්දු කළේ විත්තිකරුට එරෙහිව ගොනු කළ අධි චෝදනා ඉවත් කර ගන්නා බව අල්ලස් කොමිෂන් සභාව විසින් දැනුම් දීමෙන් පසුය.

සජින් වාස් ගුණවර්ධනගේ මිහින් ලංකා නඩුව මෙන්ම මෙම නඩුව ඉවත දැමීමට හේතුවත් නඩුව ගොනු කළ ආකාරයේ තාක්ෂණික දෝෂයකි.  අල්ලස් කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුව ගොනු කර ඇති ආකාරය අල්ලස් පනතේ ප්‍රතිපාදනවලට පටහැනි බැවින් එය ඉල්ලා අස්කර ගන්නා බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 2004   සිට 2006   දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ 412කට අධික මුදල් හා දේපල ප්‍රමාණයක් අල්ලස් මගින් අත්පත් කර ගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව කොළඹ මහ අධිකරණයේ දී අධි චෝදනා ගොනු කර තිබුණි.

Exit mobile version