ඇමති පුතෙකුට  නොසැලකූ පොලිස් රෝහලේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක් ලෑස්තියි!

Madara-Ariyasena

‍ෙරජයේ ප්‍රබල දේශපාලකයකුගේ පුත්‍රයෙක් ඇතුළුව  නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්  9  දෙනෙකුගේ කොන්ත්‍රාත්  සේවය දීර්ඝ නොකළේ යැයි,  පොලිස් රෝහලේ අධ්‍යක්ෂවරියවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මදාරා ආරියසේන  වෙනත් ස්ථානයකට වහාම මාරු කිරීමට උත්සාහයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නියමිත පරිදි රාජකාරි කටයුතු සිදු නොකිරීම සහ වෘත්තියට  නොගැළපෙන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම වෛද්‍යවරුන් ඵලදායී  ලෙස පොලිස් රෝහලේ සේවය සඳහා යොදවා ගැනීමට නොහැකි  තත්ත්වයක් පවතින බව පවසමින්, රෝහල් අධ්‍යක්ෂවරිය, මෙම වෛද්‍යවරුන්ට ඉදිරි වසර 5 ක් සෙවන කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට තීරණය කර තිබේ.

එසේ නොකිරීමට හේතුව ද ඇය දක්වා ඇති අතර එම තත්ත්වය මත වුවද මෙම වෛද්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉදිරි පස් වසරක කාලය සඳහා පොලිස් රෝහලේ සේවය කිරීමට  අවශ්‍ය සේවා අනුමැතිය ද ලබාගෙන තිබේ.


මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රබල දේශපාලකයෙකු කෝප වී ඇති අතර තම සමීප ඥාති සම්බන්ධතාව දැන දැනත්, රෝහල් අධ්‍යක්ෂවරිය ඒ ආකාරයෙන් කටයුතු කිරීම ඊට හේතුවී තිබේ.

එම නිසා මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියා වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කිරීමට අදාළ උපදෙස් මේ වන විට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග  ලංකාසරට අනාවරණය කරයි.

මෙම පොලිස් අධිකාරීවරිය පසුගිය කාලයේද ඍජුව රාජකාරි කළ තැනැත්තියක් ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව තුළ කීර්තියට ලක් වී ඇති කාන්තාවකි.

මහින්ද රාජපක්ෂ   ජනාධිපති ධුරය දරන සමයේ කැලණියේ හිටපු දේශපාලකයකුවන මර්වින් සිල්වා මහතාගේ ඇතැම් ක්‍රියා පාලනය කිරීමට ද ඇය යොදවා තිබූ බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජේෂ්ඨ පොලිස් අධිකාරි මදාරා ආරියසේන මහත්මියගේ ස්ථාන මාරුව බොහෝවිට හෙට අනිද්දා සිදුවනු ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය.

 

 

 

 

 

 

Exit mobile version