ඇමති නියමයෙන්  දියර කාබනික පොහොර සමාගමක් අසාධු ලෙඛණගත කරයි!

ශ්‍රියනි වි‌ජේසිංහ –                                         

ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර  ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය.

 ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ අනුව දියර කාබනික පොහොර  ප්ලාස්ටික් බෝතල්වල  (ජල  බෝතල් වැනි)  ඇසුරුම් කිරීම සපුරා තහනම් කර තිබේ. එයට හේතුව නම් එවැනි අසුරුම් තුළ දියර කාබනික පොහොර ඇසුරුම් කිරීම මගින් විවිධ ව්‍යාධිජනක (Pathogens) හට ගැනීමට හැකි වීමයි. 

මේ නිසා එම සමාගම වහාම අසාධු ලේඛන ගත කරන ලෙසත්, එම සමාගම විසින් කාබනික පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා  කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී ඇත .

 එමෙන්ම වලව කලාපයේ ගොවීන්ට තවත් කාබනික පොහොර සමාගමක් විසින් සපයන ලද කාබනික පොහොරවල වැලි සාන්ද්‍රණය වැඩි බවට ගොවීන් විසින් චෝදනා කර ඇත. මේ සම්බන්ධව ද වහාම විමර්හනයක් සිදු කර වාර්තාවක් සපයන ලෙස ද අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ. 


කෙසේ වුවද මෙවර වී වගාව සඳහා කාබනික පොහොර  සැපයීම රජයේ මැදිහත්වීමෙන් සිදු නොකරන අතර අදාල සමාගම් විසින් ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ තම නිෂ්පාදන ගොවි ජනතාවට ඉදිරිපත් කළ හැකිය. 

ගොවි ජනතාවට තමන් කැමැති කාබනික පොහොර නිෂ්පාදනයක් මිල දී ගත හැකි අතර, කාබනික පොහොර මිල දී ගැනීමෙන් පසුව රුපියල් 20,000ක් දක්වා මුදලක් රජය විසින් සහනාධාරයක් ලෙස ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරයි. 

එම මුදල අදාල සමාගමට වවුචර් ඉදිරිපත් කිරීමෙන් පසුව රජය විසින් බැර කරනු ලබයි. 

කෙසේ වුවද ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් එක් නිෂ්පාදනයක කාබනික පොහොර සාම්පල තුන බැගින් පරීක්ෂාවට ලක් කරන අතර එහි දී අදාල කාබනික පොහොර තත්ත්වයෙන් බාල බව පෙනී ගියහොත් එම සමාගම අසාදුලේඛන ගත කිරීමටත්, ඔවුන් කෙතරම් ප්‍රමාණයක් අලෙවි කර තිබුනත් ඊට අදාල මුදල් රජය විසින් නොගෙවීමටත් තීරණය කර ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිසා තත්ත්වයෙන් උසස් නිෂ්පාදන පමණක් ගොවි ජනතාවට ලබා දීමට සියලු කාබනික පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයට එකඟත්වය පළ කර තිබේ. 

 

Exit mobile version