ඇමති දයාසිරිට කොවිඩ් – ප්‍රතිකාර හික්කඩුවේ සිට

බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන අමාත්‍ය අමාත්‍ය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කොවිඩ් 19 වෛරස ආසාදනයට ලක්ව ඇත. ඊයේ ( 07) තමන් ආසාදිතයකු බවට තහවුරු වූ බවත් මේ වනවිට හික්කඩුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බවත් අමාත්‍ය ජයසේකර මහතා ලංකාසරට පැවසීය.

පසුගි 03 වැනිදා සිට තමන්ට සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳුණු අතර පසුව උණ රෝග ලක්ෂණද මතු වූ බැවින් නිවසේ රැඳී සිටි බවත් පසුව පී.සී ආර් පරීක්ෂණයකට මෙන්ම ඩෙංගු පරීක්ෂණයකට ලක් වූ අතර ඒ අනුව ඊයේ තමන් ආසාදිතයකු බවට හඳුනා ගැනුණු බවත් අමාත්‍යවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දයාසිරි ජයසේකර මහතාගේ පවුලේ සාමාජිකයන්ද මේ වනවිට ස්වයං නිරෝධායනට ලක් වී ඇති අතර ඔහුගේ ළඟම ආශ්‍රිතයන්ද නිරෝධායනයට ලක් කර ඇත. අමාත්‍ය දයාසිරි ජයසේකර ඊට පෙර විවිධ ස්ථානවලදී ජනතාවද හමුවී ඇති බව ද වාර්තා වේ.


Exit mobile version