ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති

අද සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි සහ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ රූකඩ බවට පත්ව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අණසක පතුරවා අත්තේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියන්නේ කුමක්ද ඒ දේ ඉටු කරන්නට අද අමාත්‍යවරියත් සෞඛ්‍ය ලේකම්වරයාත් සැදී පැහැදී සිටි බව උන්වහන්සේ සඳහන් කළේ අද රජයේ වෛද්‍ය නිලධාරී සංසදය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදීය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආන්නද හිමියේ මෙසේද පැවසූහ.

“ අද රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඔවුන්ට ඕනෑ පරිදි අමාත්‍යංශය හසුරුවනවා. වෛද්‍යවරුන් මාරු කරනවා. රජයේ ආයතන සංග්‍රමහය පවා උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස කටයුතු කරනවා. වෛද්‍ය පත්වීම් මාරු කිරීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අදාළ අවශ්‍යතාවන්ට අනුකූලව. අද වෙන්නේ එහෙම නෙවෙයි. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වුවමනා එපාකම් මත. අද රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් ඔවුන් බලපෑම් කරනවා. මේ බව එම කොමිසමේ නිලධාරීන් අපට පවසා තිබෙනවා හාමුදුරුවනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපට බලපෑම් කරනවා කියල. අද ඔවුන්ටත් ස්වාධිනව වැඩ කරන්න බැරි තත්ත්වයක් පත්වෙලා තිබෙනවා. මම මේ ගැන සඳහන් කරල අගමැතිතුමාට ලිපියක් යැව්වා මේ බලපෑම් කිරීම නවත්වන්න කියල.


සෞඛ්‍ය ලේකම්තුමාත් මේ බලපෑම් අධිකාරියට යටත් වෙලා වැඩ කරනවා නම් අපට සිද්ධ වෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තීය සමිති එකතු කරල මේ මාෆියාවට එරෙහිව සටන් කරන්න. මේ නිසා අපි අද ජනාධිපතිතුමාට අගමැතිතුමාට කියනවා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකාධිකාරය අවසන් කිරීමට පියවර නොගත්තොත් විශාල වෘත්තීය අරගලයක් සෞක්‍ය අංශයේ සියලුම වෘත්තීය සංවිධාන එක්ව දියත් කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා ලෙඩේ බැලුවත් වෛද්‍යවරුන්ට එක විදිහක්. හෙදියන්ට එක විදිහක්. වෛද්‍යවරුන්ට සැප හෝටල් මේකට හේතුව මේ වෛද්‍ය මාෆියාව. මේ තත්ත්වය තුළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය තත්ත්වයට පත්වෙන කොරෝනා වැඩි කරන දෙපාර්තමේන්තුවක් බවට පත්වෙලා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුටු රත්කරන තනතුරත් බවට පත් කරලා. එතන සිටින අනෙක් අධ්‍යක්ෂ මට්ටමේ සිටින වෛද්‍යවරුන්ට තම රාජකාරී වපසරිය තුළ කිසිු බලයක් නැතිවෙලා.සියල්ල මෙහෙයවන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. මේ තත්ත්වය නිසා අද සෞඛ්‍ය අමාත්‍යංශය අංශභාග රෝගියකු බවට පත් වී තිබෙනවා යයිද උන්වහන්සේ තවදුරටත් සඳහන් කළහ.

Exit mobile version