ඇමතිනි පවිත්‍රා ගෙදර ගිහින් නෑ – තවම රෝහලේ

කොවිඩ්-19 වෛරස ආසාදනයට ලක්ව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝහලේ පහසුකම් මදි බව පවසා ශ්වසන යන්ත්‍ර ද රැගෙන නිවසට ගිය බවට කරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් ඇය තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ මහතා ලංකාසරට පැවසීය.

ඇය මේ වන විට සුවය ලබමින් සිටින අතර අයිඩීඑච් රෝහලේ වෛද්‍ය ඇතුළු කාර්ය මණ්ඩලයේ පූර්ණ නිරීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව ද මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරිය රෝහලේන් ගිය බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල සහ වෙබ් අඩවිවල පළවී ඇති පුවත් සම්බන්ධයෙන් කළ විමසීමකදී මේ බව ප්‍රකාශ කළ මාධ්‍ය ලේකම්වරයා අමාත්‍යවරිය පිළිබඳ මෙම ද්වේශසහගතව සහ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ පළ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා ඔවුන්ට දඬුවම් කරන ලෙස තමන් පොලීසියට ලිඛිතව ඉල්ලීමක් කළ බව ද විරාජ් අබේසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය covid-19 වෛරසය ආසාදනය වීමෙන් පසුව පසුගියදා හික්කඩුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානට ඇතුළත් කෙරිණි. ඉන් අනතුරුව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අනුබද්ධ රෝහලට ඇතුළත් කෙරුණු අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයිඩීඑච් රෝහලට ඇතුළත් කෙරිණි.

Exit mobile version