ඇමතිට ප්‍රතිකාර නොකිරීම වැරදියි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

Medical Association

මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර කිරීමට ප්‍රතික්ෂේප කිරීම එම වෛද්‍යවරයාගේ පෞද්ගලික අභිමතය පරිදි ලබා ගත් තීරණයක් බවත් එය සංගමය අනුමත නොකරන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසයි.

වෛද්‍යවරුන් ලෙස සියලුම රෝගීන්ට එක හා සමානව සැලකිය යුතු බව මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේය. මෙවන් සිදුවීම් යළිත සිදු නොවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

ඊයේ (07) විශේෂඥ පෝෂණවේදී මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා හමුවීම සඳහා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ලංකා රෝහලට ගොස් ඇති අතර එහිදී අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ තමන් පුද්ගලිකව දේශපාලඥයින්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලංකා රෝහල පවසන්නේ මෙම සිදුවීම සිය කළමණාකාරීත්වයේ හෝ කාර්ය මණ්ඩලයේ කිසිදු සම්බන්ධයක් නොමැති වගයි.

Exit mobile version