ඇමතිකම් ඉල්ලූ අය මතක් කර අගමැති සජබෙ ගාලගෝට්ටිය නවත්වයි…

තව සතියක් මෙහෙම කළොත් අපට පාර්ලිමේන්තුවක් නෑ.. මේ ජරා සංස්කෘතිය නවත්වන්නැයි අගමැති දෙපැත්තෙන්ම ඉල්ලයි....

අගමැතිවරයාගේ කතාවට බාධා කරමින් කෑ ගසන්නට වූ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම දෙස බලමින් “ මේ කෑ ගහන කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලුව ද?“ යැයි අගමැතිව වරයා විමසූ විට නහඬ වූ ආකාරය අද පාර්ලිමේන්තුවේ දී කැපී පෙනුනේය.

ගොල්ෆේස් අරගලයට පහර දීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුනොවන බවට එල්ල වූ චෝදනාවට පිළිතුරු දෙමින් ඒ සම්බන්ධව තමන් පොලිස්පතිවරයා විමසූ  විට  නීතිපති උපදෙස් අනුව විමර්ශන කරගෙන යන බව දැන්වූයේ යැයි පාර්ලිමේන්තුවට කීවේය.

මේ ප්‍රහාරය තමන් හෙළා දැක ඇති බව කී අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සෑම දින දෙකකට වරක්ම පරීක්ෂණයන්හි ප්‍රගතිය තමාට වාර්තා කරන ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම් දුන් බවය.

මේ අවස්ථාවේ දී එක් දිගට අගමැතිවරයාට විපක්ෂයෙන් බාධා එල්ල විය.


අගමැතිවරයා මෙසේ කීවේය.

“මේ සභාවේ කෑ ගහන කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලුව ද?. “ ටිකකින් සභාව නිහඬ විය.

“මම එකක් කියන්නම් කතානායක තුමනි. පළවෙනි සැරේ නියෝජ්‍ය කතා නායකට පොරොන්දු වෙලා තිබුනා රන්ජිත් සියඹලාපිටියට දෙනවා කියලා. එතන වුන අවුල විපක්ෂ නායක තුමයි සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමයි  හෙළි කළා.

මේ ආණ්ඩුපක්ෂයේ සාකච්ඡාවටවත් විපක්ෂයේ සාකච්ඡාවටවත්  මට කතා කළේ නෑ .  කාන්තාවක් කතානායකවරයා ලෙස  අන්තිමට   හිටියෙ සෙනෙට් සභාවෙ. ඇඩිලින් මොළමුරේ.  මගෙ නැන්දා. අද  මේ සභාවෙ ඒක ඉෂ්ට වුනේ නෑ.

මම තනි පක්ෂයෙ අගමැති. විපක්ෂයටවත් ආණ්ඩුවටත් යන්න බෑ. මම මේ පාලමේ ඉන්නෙ කොතැනද කියලා මම දන්නෙ නෑ.

අපි පාර්ලිමේන්තුව තුළ  මේ සංසකෘතිය වෙනස් කරමු.  අද උදෙත් ඒක මම දැක්ක.  ඒකට මගෙ සහයෝගය නෑ, අපි ජාතික සභාව ඇති කරමු. එකඟවෙන්න පුලුවන්වෙලාවෙදි එකතුවෙමු.  අද උදේ වෙච්චි වැඩේ බලන්න… රට අහනවා ඇයි ඡන්දයක් තිබ්බෙ   කියලා.

යළිත් මා  දෙපැත්තෙන්ම ඉල්ලන්නෙ. අපේ ප්‍රශ්න තියනවා නම් කතා කරමු.  මේ සංස්කෘතිය වෙනස් කරමු. අදහස් ප්‍රතිපත්ති තියාගන්න. මේවා ගෙනියන්න එපා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහෙම තව සතියක් වැඩ සිද්ධ වුනොත් අපිට පාර්ලිමේන්තුවක්   නැති වෙනවා.

Exit mobile version