ඇඳිරි නීතියට පෙර බස්නාහිරින් පැන්න අයව ගෙදර එනකොට කොටු කරන මෙහෙයුම හෙට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය 29 හා 30 දෙදින තුළ බස්නාහිර පළාතෙන් පිටව වෙනත් ප්‍රදෙශවලට ගිය පුද්ගලයන් සොයා කළ විශේෂ මෙහෙයුමකදී  මඩකලපුව,  යාපනය, නුවරඑළිය, මාතර, බන්ඩාරවෙල, තංගල්ල ප්‍රදේශවලින් පුද්ගලයින් 550ක් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
මෙම පුද්ගලයන් අදාල ප්‍රදේශවලම දින 14ක් නිරෝධායනයට ලක් කරන බවත් අනතුරුව නිරෝධායන නීතිය යටතේ නඩු පැවරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.
එමෙන්ම හෙට විශේෂ මෙහෙයුමක් දියත් කරමින් පිට ප්‍රදේශවල සිට බස්නාහිර පළාතට ඇතුළුවන පුද්ගලයන් පිළිබඳ පුළුව සොයා නෛතිකව කටයුතු කිරීමට සූදානම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Exit mobile version