ඇතුළ ඇවිලෙද්දී මහර බන්ධනාගාරය අසල රැස් කන රැඳවියන්ගේ ඥාතීහු හඬා වැටෙති

පොලිසියත් සමගත් වචන හුවමාරුවක්...

මහර බන්ධනාගාරයේ තත්වය පැය 18ක් යනතුරුත් නොසන්සුන් වීමත් තත්වය පාලනය කර ගත නොහැකි වීමත් මත රැඳවීයන්ගේ ඥාතීහු බන්ධනාගාරය අසල රැස් කමින් සිටියහ.

තම ඥාතීන්ට සිදුවන්නේ කුමක‍්දැයි දැන ගැනීම  සඳහා රැස් වී සිට ඥාතීහු විටෙක හඬා වැටුනහ. මෙසේ පැමිණ සිටි වැඩි පරිසක් කාන්තාවෝ වූහ. අයෙක් ළදරුවන් වඩාගෙන පැමිණ සිටියහ.

මේ අතර මේ ආවේගශීලී පිරිස හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වෙමින් තිබිණි. අවට ආරක්ෂාව තර කර තිබිණි. මේ වනවිර මහර සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් 126 දෙනෙක් වැලිකඩ කාන්තා වාට්ටුව හිස් කර එයට ඇතුළත් කර ඇත. බන්ධනාගාරය අවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා  විශේෂ ආරක්ෂා තර කිරීමක් සිදුකර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර මත්ද්‍රව්‍ය චෝදනා මත රඳවා ඇති  මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙක් සිය නඩු කටයුතු ඉක්මන් කරන සේ ඉල්ලමින් බන්ධනාගාරයේ වහල මත නැගී උද්ඝෝෂණයක් අරඹා  තිබේ.

Exit mobile version