ඇඟ තලා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇත්තෙක් චක්‍රලේඛය සැදූ අයට බලපෑම් කළා දැයි සැකයි…

මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර නෑ… ඉස්කෝල පන්සල් වහලා.. ස්පා ඇරලා... ස්පා චක්‍රලේඛය ගැන පී.එච්.අයි. ලා කියන කතාව...

Spa-

ආගමික ස්ථානයන් විවෘත කිරීමට අවසර ලබා නොදුන් සෞඛ්‍ය අමාත්‍යංශය මිනිසුන්ගේ ඇඟපත තලා ගැනීමේ මධ්‍යස්ථානයන් විවෘත කිරීමට අවසර දීම බිහිසුණු විහිළු සහගත ක්‍රියාවක් බව  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්පා ආයතන විවෘත කිරීම සම්බන්ධයෙන් ලංකාසර ඔහුගෙන් කළ විමසීමකදීය.   

ස්පා ආයතනයන්ගේ සේවයේ නියුතු පුද්ගලයින්ට ආදායම් මාර්ගයක් ලබා දීම සඳහා මෙය විවෘත කර ඇත්නම් රටේ ජීවනාලිය බදු අපේ දරුවන්ගේ අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික පංති හා පාසල් විවෘත කර ගුරුවරුන්ටද කීයක් හෝ උපයා ගැනීමට අවස්ථාවක් නොදෙන්නේ ඇයිද යන්න ගැටලුවක් බව ඔහු සඳහන් කරයි.


සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම චක්‍රලේඛයන් සකස් කරන පුද්ගලයින් රටට විහිළු සපයන්නන් බවට අද පත්ව ඇති බවත් මිනිසුන් තමන්ගෙන් අසන ප්‍රශ්නවලට පිලිතුරු දීමට නොහැකි ලැජ්ජාසහගත තත්ත්වයකට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද පත්ව ඇති බවත් බාලසූරිය  පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇඟ තලා ගැනීමේ දැඩි අවශ්‍යතාවන් තිබෙන පුද්ගලයින් මෙම චක්‍රලේඛය සෑදීමේදී බලපෑමක් එල්ල කර ඇත්තේද යන්න පිලිබඳව තම සංගමයට දැඩි සැකයක් මතුව ඇති බව පෙන්වා දෙන බාලසූරිය මහතා ජනතාට වැඩදායක් චක්‍රලේඛයන් සෑදීමේ දී බිම්මට්මේ සිටින සෞඛය සේවකයන්වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මගහැරීම තුළ මෙවැනි වැරදි සහගත නිර්දේශයන් එළියට එන බවද ඔහු අවදාරණය කළේය.

Exit mobile version