ඇක්සස් සභාපති සුමල් ජාතික යුතුකම වෙනුවෙන් ආයෝජනයකට සැරසෙයි

රටක ආහාර සුරක්ෂිතතාවේ වැදගත්කම අන් කවරදාටත් වඩා මෙම කොරෝනා වසංගතය අපට පෙන්වා දුන් බවත් ඒ අනුව මේ රටේ කෘෂිකර්මාන්තය කෙරෙහි ආයෝජනය කිරීම පිළිබඳව මේ රටේ මහා පරිමාණ සමාගම්වල පවා ජාතික යුතුකමක් බවත් ඇක්සස් ව්‍යාපාර සමූහයේ සභාපති සුමල් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒඅනුව ඇක්සස් ව්‍යාපාර සමූහය මෙම ජාතික වගකීම සලකමින් කෘෂි ක්ෂේත්‍රෙය් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවද අනාවරණය කළේය.

පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති කොළඹ විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන් සහ ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත එක්ව සංවිධානය කළ 2012 අයවැය පිළිබඳ සම්මන්ත්‍රණයේදීය.


එහිදී මෙවර අයවැය හරහා දිරි ගන්වා ඇති ක්ෂේත්‍ර මත මෙරට ව්‍යාපාර නායකයින්ගේ ආයෝජන පිළිබඳ ආකල්ප සම්බන්ධයෙන් එම සම්මන්ත්‍රණය මෙහෙයවූ ඩේලි ෆයිනෑන්ෂල් ටයිමිස් පුවත් පතේ කර්තෘ නිස්තාර් කාසිම් විසින් නගන ලද ප්‍රශ්නයටක පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

තම සමාගම් සමූහය විසින් සිදු කිරීමට නියමිත ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසූයේ කෘෂිකර්මය සහ සත්තව පාලනය සම්බන්ධයෙන් ආයෝජනය කිරීම මේ වනවිට ඇක්සස් සමාගම මහවැලි කලාපයේ ඉඩම් තෝරාගෙන ඇති බවය.

ඉදිරියේදී ධීවර ක්ෂේත්‍රෙය්ද ආයෝජනය කිරීමේ අදහසක් පවතින බව ද එහිදී සුමල් පෙරේරා මහතා සඳහන් කළේය.

මෙවර අයවැය පිළිබඳව ද අදහස් දක්වමින් සුමල් පෙරේරා මහතා පවසා සිටියේ “රජයේ සාර්ව ආර්ථික දැක්ම තුළ අපට සුබවාදී ඇසකින් බැලිය හැකි බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසරින් වසර අයවැයෙන් අයවැය ඇමතිගෙන් ඇමතිට වෙනස් වන තත්ත්වයක් තිබුණා. නමුත් මෙවර අපට සහතිකයක් දී තිබෙනවා ප්‍රතිත්ති වෙනස් නෙවන බවට. පෞද්ගලික අංශයට මේ තත්ත්ව කලමනාකරණය කළ හැකියි.
අද රට විදේශ විනිමය සංචිත පිළිබඳව අර්බුදයක් තිබෙනවා. අපේත් ඇතැම් ව්‍යාපාරවල ආනයන තහනම වැනි දේ බලපා තිබෙනවා. විශේෂයෙන් අපි මෙරටට වාහන ආනයනය කරන නියෝජිතයින්. නමුත් ඒ ඒ ක්ෂේත්‍රවලට වර්තමානයේ පවතින තත්ත්ව හමුවේ ප්‍රශ්න තිබෙන්න පුළුවන්. එහෙත් අප ආර්ථික විද්‍යාත්මකව මේ දෙස බැලිය යුතුයි.“ යනුවෙන්ද ඔහු මෙහිදී සඳහන් කළේය.

Exit mobile version