ආසියාවේ නූඩ්ල්ස් රජා ලංකාවේ යූනියන් බැංකුව සිය පාලනයට ගනී !

ආසියාවේ නූඩ්ල්ස් රජා ලෙස සැලකෙන නේපාල බිලියනපතියකු වන බිනෝද් චෞද්රි ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන යූනියන් බැංකුවේ පාලනය අත්පත් කරගෙන ඇති බව ව්‍යාපාර ආරංචි මාර්ග සඳහන් කරයි. 

ආසියාවේ ප්‍රධාන පෙළේ ධනවතකු වන ඔහුගේ පාලනය යටතේ පවතින සීජී කැපිටල් පාට්නර්ස් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම යූනියන් බැංකු ප්‍රධාන කොටස් හිමිකාර සමාගම සතුව තිබූ බැංකුවේ සියයට 70.84ක කොටස් මිලදී ගැනීමට අදාළ ගිවිසුමකට මේ වනවිට එලඹ ඇති අතර ඒ බව බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළටද නිල වශයෙන් දන්වා ඇත.

යූනියන් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියා වන්නේ කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩිංග්ස් සමාගමයි. එම සමාගමේ මව් සමාගම වන්නේ ටී.පී.ජී ඒෂියා නැමති සමාගමකි.

එම සමාගම යූනියන් බැංකුවේ කොටස් මිලියන 968ක එනම් සමස්ත කොටස් ප්‍රමාණයෙන් සියයට 70.84ක් බිනෝද් චෞද්රිගේ සීජී ව්‍යාපාර සමූහය යටතේ පවතින සීජී කැපිටල් පාට්නර්ස් පෞද්ගලික සමාගමකට ලබා දීමට තීන්දු කළ බව කොටස් වෙළෙඳපොළ වෙතද දන්වා තිබේ.


බිනෝද් චෞද්රි නූඩ්ල්ස් ව්‍යාපාරයෙන් දියුණු වූ    නේපාල ව්‍යවසායකයකු වන අතර ඔහු ආසියාවේ විශාලතම නූඩ්ල්ස් නිෂ්පාදකයා ලෙසින් සැලකෙයි.

මේ වනවිට බොහෝ අංශ කෙරෙහි ව්‍යාපාර විහිදුවා ඇති බිනොද් චෞදරි ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ලෝක ධනවතුන් ගේ ලයිස්තුවට එක් වූ පළමු නේපාල ජාතිකයාද වේ.

මේ වනවිටත් ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සඳහාද ආයෝජනය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිය ව්‍යාපාරවලින් ඉපයූ ධනය බදුවලින් සඟවා වෙනත් රටවල තැනපත් කර ඇති බවට චෞද්රිගේ නම පැන්ඩෝරා පේපර්ස්වලද සඳහන් විය.

Exit mobile version