ආසාදිතයන් 41ක්… තුන්දූව බටහිර හා නැගෙනහිර ග්‍රාමසේවා වසම් හුදකලා කෙරේ…

ලලිත් චාමින්ද

ගාල්ල  ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත්  තුන්දුව බටහිර හා තුන්දුව නැගෙනහිර යන  ග්‍රාම නිලධාරිවසම්  ඊයේ රාත්‍රියේ (19) සිට  හුදකලා ප්‍රදේශය ලෙස නම්කරනු ලබන බැව් කොවිඩ් 19 පැතිරිම වැලැක්විමේ  ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙකි ග්‍රාම නිලධාරි වසම් දෙකින් ඊයේ (19) දිනය තුළ කොවිඩ් ආසාදිත රෝගින් 41 දෙනෙකු වාර්තාවිමත් සමග   ග්‍රාම නිලධාරිවසම් දෙකම හුදකලා කිරිමට තින්දුකොට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාරවර  ආචාර්ය විලිගමගේ   සඳහන් කළේ දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරිම වැලැක්විමේ  ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන මගින් මෙම තින්දුව ගෙන ඇති බවය.

 

 

 

Exit mobile version