ආරේ වතුර නැතිව කිළිනොච්චි කිඹුලන් ගෙවල්වලට ඇවිත්

දිනසේන රතුගමගේ

කිළිනොච්චියේ ස්කන්ධපුරම් මරවන්පුලන් ආරූ ඔය මේ දිනවල සිදී යාමත් සමගම එම ඔයේ ජීවත් වූ කිඹුලන් ගම් වදින්නට පටන් ගෙන තිබේ.

කිළිනොච්චියේ ස්කන්ධපුරම් ප්‍රදේශයේ ජනතාව කිඹුලන් සිය නිවෙස් වලට බඩගාගෙන විත් කොතැනක හෝ සැගවේයැයි යන බියෙන් යුතුව ජීවත් වෙති.


මේ කිඹුලන් අතර හැලි කිඹුලන් සුදු කිඹුලන් මෙන්ම ගැට කිඹුලන්ද සිටින අතර ඔවුන් දහවල් කාලයට ඔයේ ජලය සිදුණු ස්ථාන වලට වී ඉර අව්ව තපින අයුරු මේ දිනවල දැකිය හැකිය.

රාත්‍රී කාලයට ඔවුන් ඔය දිගේ පැමිණ කාගේ හෝ නිවසක් තුළට රිංගා ගන්නේ වතුර ප්‍රශ්නය කිළිනොච්චියේ වැසියන්ට වඩා කිඹුලන්ට වඩා තදින් දැනී ඇති නිසාය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වතුර නැතුව ගම් වැදුණු කිඹුල්ලු

Exit mobile version