ආර්.එම්.වී සේවකයන් 621ක හදිසි මාරුවට හේතුව ඇමති කියයි

මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරෙන කටයුතුවලදී කප්පම් සහ සන්තෝසම් ගැනීම සම්පූර්ණයෙන් මැඩලීමට සඳහා ගත් පියවරක් ලෙස එම දෙපාර්තමේන්තුවේ සේවකයන් 621 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා ලංකාසර ට පැවසීය.

පසුගිය වසරේ අග භාගයේදී ජනාධිපති ගෝඨභය රාජපක්ස මහතා මෙම දෙපාර්තමේනතුවේ ටවෙරහැර ාර්යාලට ලිය අවස්තාවේදී පටන් එහිදී පවතින අක්‍රමිකතා නැවැත්වීමට අදාලව ලබා දුන් උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ වත් දිගින් දිගටම මෙම අක්‍රමිකතා පැවති බැවින් එම තීන්දුව ගත් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම්, රියදුරු බලපත්‍ර ලබා දීම, අලුත් කිරීම. වාහන අයිතිය හුවමාරු කිරීම වැනි කටයුතුවලදී මෙම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කප්පම් ලබා ගන්නා තත්ත්වයක් දිගින් දිගටම පැවති බවට රජයට තොරකුරු වාර්තා වූ බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් මහජන පැමිණිලි ද සැලකිය යුතු සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති අතර එම දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රාදේශීය කාර්යාල ඇතුළු සියලුම කාර්යාලවල සේවයක් මෙසේ මාරු කෙරෙන අතර ඔවුන් දැනට ප්‍රවාහන අමාත්‍යංශය වෙත මාරුකරන අතර රාජ්‍ය පරිපානල අමාත්‍යංශයෙන් නව නිලධාරීන් පිරිසක් සේවයේ යෙදවීමට පියවර ගෙන ඇති බවද අමාත්‍ය අමුණුගම සඳහන් කළේය.

Exit mobile version