ආර්ථික ඝාතක රාජපක්ෂලා ගැන සොයන්න ඇමරිකාව ජාත්‍යාන්තර මැදිහත් වීමක් ඉල්ලයි…

Rajapaksha

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ආර්ථික අර්බුදයට  පදනම් හේතුව වූ නිසි   කලමනාකරණයකින් තොර රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් පූර්ණ ජාත්‍යාන්තර ප්‍රවේශයක් සහිතව විමර්ශනය කළ යුතු බවට ඇමරිකාවේ විදේශ කටයුතු පිළිබඳ සෙනෙට් කමිටුවේ සභාපති බොබ් ලෙන්බේසස්   ඇතුළු සාමාජිකයන් තිදෙනෙක් එරට සෙනට් මණ්ඩලය ට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

ඔවුන් එම යෝජනාවලියෙන් අපේක්ෂා කරන්නේ  මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 51වැනි  මානව හිමිකම් සැසිවාරයේ දැනට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට නව කරුණු ද ඉදිරිපත් කර යෝජනාවලිය යාවත්කාලීන  කිරීම  සඳහා ඇමරිකානු රජයේ මැදිහත්වීමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවෙ ජනතාවට අත්කර දුන් දැවැන්ත අර්බුදය සම්බන්ධ සියලු කාරණා සෙවීම සඳහා ජාත්‍යාන්තර මැදිහත්වීමක අවශ්‍යතාවය අවධාරණය කරන මෙම යෝජනාවලිය මේ  ජගත් මානව හිමිකම් සැසිවාරය වෙත ඉදිරිපත්  කිරීම සඳහා මේ  වනවිට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත්  වී ඇතැයි ජාත්‍යාන්තර මාධ්‍ය   වාර්තා කරයි.

 

Exit mobile version