ආර්ථික අර්බුදයෙන් තවත් ශ්‍රි ලංකා තානාපති කාර්යාල තුනක් වැසෙයි!

පවතින ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් නෝර්වේ හි ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය, ඉරාකයේ බැග්ඩෑඩ් හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි හි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2022 අප්‍රියෙල් 30 දින සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර ඇත.

කැබින්ට මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙම පියවර ගෙන ඇත.

මෙම කාර්යාල වසා දැමීමෙන් පසුව ස්වීඩනයේ ස්ටොක්හෝම් හි ශ්‍රී ලංකා තානාපතිවරයා නෝර්වේ වෙත සමගාමීව ප්‍රතීතනය කරනු ලබන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපතිවරයා ඉරාකයට සමගාමීව ප්‍රතීතනය කරනු ලැබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිඩ්නි හි කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අධිකරණ බලය ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත ප්‍රතිවර්තනය වනු ඇත.

Exit mobile version