ඊයේ සවස ආරච්චිකට්ටුවේ නිවාස තුනක් කුඩු කළ සනත් නිශාන්තගේ මැර සොයුරා සොයා පොලිස් පරීක්ෂණ…

ජවිපෙ ආරච්චිකට්ටුව සංවිධායක සහ සජබ සංවිධායක පහර කා රෝහලේ..

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්ත  මෙහෙයවූ මැර කණ්ඩායමක්  ඊයේ (03) සවස ආරච්චි කට්ටුවේ නිවාස තුනකට කඩා වැදී කළ පහරදීමකින් අනතුරුව    බරපතල ලෙස තුවාල ලද  පුද්ගලයින් දෙදෙනෙක් මේ වනවිට රෝහලගත කර ඇතැයි වාර්තා වේ.

මෙම පහර දීමෙන් නිවාස තුනට ද අලාභානි සිදු වී ඇති අතර තවත් පුද්ගලයෙක් ද තුවාල ලබා  තිබේ.  මෙම නිවාස තුනෙන් දෙක්ක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන  ක්‍රියාකාරිකයන්ගේ වන අතර එක් නිවාසයක් සමගි ජන බලවේගයේ  දේශපාලන ක්‍රියාධරයෙකුගේය.

ඇමති සොයුරාගේ  පහරකෑමට ලක්ව රෝහල්ගත වී ඇත්තේ ආරච්චිකට්ටුව ජනතා විමුක්ති පෙරමුනේ  ආරච්චිකට්ටුව  සංවිධායකවරයා සහ අද පුත්තලම නගරයේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළ සමගි ජනබලවේගයේ  සංවිධායකවරයා ය.


මේ වනවිට ඇමති සොයුරා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන අරඹා ඇතැයි පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආනවිලුන්දාව අභය භූමියෙන් කොටසක් ඉස්සන් වගාවක් සඳහා ඩෝසර් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ, අධිකරණ නියෝග මත  රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ මෙම පුද්ගලයාය.

Exit mobile version