ආරක්ෂක ලේකම්ගේ වන විනාශ චෝදනාවට පනාමුරේ හිමියෝ උත්තර දෙති…

ඔහු ඉලක්ක කරන්නෙ මාව... මේ ප්‍රදේශයේ ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කළ ප්‍රධානම හාමුදුරුවන් මමයි....

ආණ්ඩුව සමග එකතු වී වැඩකරන ත්‍රිකුණාමලය පැත්තේ ස්වාමීන් වහන්සේ නමක් කැලෑ හෙළිකරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද එබැවින් වහාම එය නවත්න ලෙස ආණ්ඩුකාරවරියට හා නියොජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන්නේයැයි ද  ආරක්ෂ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න කළ ප්‍රකාශයට  අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ වැඩවසන උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ  හිමියො උත්තර දී සිටිති.

නෙත් ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශයක් දෙමින් උන්වහන්සේ සඳහන් කළේ තමන්වහන්සේ පොලිසිය භාර ඇමතිතුමා අමතා ආරක්ෂක ලේකම්වරයාගේ මේ චෝදනාවට ලක්වන තමා සම්බන්ධව වහාම  පරීක්ෂණයක් සිදුකර ඒ වන විනාශය සිදු කර ඇත්තේ කොතැන දැයි හෙළි කරන ලෙස ඉල්ලා සිටි බවය.

ත්‍රීකුණාමලය ප්‍රදේශයේ සිදුවන වන විනාශය ගැන තමන්වහන්සේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ බලධාරීන්ට නිරන්තරව දැනුම් දුන් බවත්, මඩුකුලම් වැව් රක්ෂිතයේත්, එක්කණ්ඩි වන වනාශය සමග සිදුවන මුස්ලිම් ආක්‍රමණයත්, පුල්මුඩේ සිදුවන වන විනාශයත් ගැන නිරන්තරව අරගල කළ බව  උන් වහන්සේ සඳහන් කළහ. මේ ජාවාරම් කරුවන් හොර බලපත්‍ර හදාගෙන කරන විනාශය ගැන නිරන්තරව දැනුවත් කළ බවත් කීහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙන්වා දෙන කරුණු ගැන සලකනවා වෙනුවට වන විනාශය නවත්වා ගැනීම සඳහා අරගල කරන තමන්වහන්සේට මේ ආකාරයේ අස්ථාන චෝදනා එල්ල කිරීම පසුපස ඇත්තේ කුමණ බලවේගයක් දැයි සොයමින් සිටින බවත් අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ වැඩවසන උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ  හිමියෝ වැඩිදුරටත් පැවසූහ

Exit mobile version