ආරක්ෂක අංශ නිදහස් කළ යාපනයේ ඉඩම් අක්කර 108ක් භාර ගැනීම ඉඩම් හිමි  පිරිස් ප්‍රතික්ෂේප කරති!

දිනසේන රතුගමගේ

ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් නිදහස් කොට යාපනය තෙලිප්පලෙයි වැසියන්ට එම ඉඩම් බාර දෙන ලද නමුත් එම ඉඩම්වල මායිම් සම්බන්ධයෙන් හා නිවාස සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්න කීපයක් හේතුවෙන් ඉඩම්වල මුල් අයිතිකරුවන් ඉඩම් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ඔවුන් පවසන්නේ තමන්ගේ බලපත්‍රවල ඉඩම් අක්කර එකහමාරක අයිතියක් සඳහන් වූවත් ඉඩම් ආපසු බාර දීමේදී නිලධාරීන් අතින් සිදු වී ඇති වරද  නිසා මේ වන විට තමන්ගේ ඉඩමේ ප්‍රමාණය අක්කර තුන් කාලක් පමණක් වන බවය.

මේ අතර ඔවුන් කියා සිටින්නේ තමන්ගේ ඉඩවල විශාල නිවෙස් තිබූ නමුත් මේ වන විට තම ඉඩම්වල එම නිවාස නොමති බවයි.

රජයෙන් නිවාස ඉදිකොට දීමක් හෝ නිවාස ඉදි කර ගැනීමට ආධාර කිරීමක් නොකරණ නිසා හිස් ඉඩමක් බාර ගැනීමේ කිසිදු  ප්‍රයෝජනයක් නොමැති බවද ඔවුහු කියා සිටියහ.


යාපනය දිසාපති අම්බලවානර් සිවපාලසුන්දරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තෙලිපලෙයි ප්‍රදේශයේ අක්කර 108 ප්රමාණයක් ඒවායෙහි මුල් අයිතිකරුවන්ට ලබා දීම සඳහා රජය නිදහස් කොට බාර දී ඇතත් එම ඉඩම්වල අයිතිකරුවන් ඉඩම් බාර ගැනීමට මැලිකමක් දක්වන බවයි.

ලැබී ඇති ඉඩම්වල මුල් අයිතිකරුවන් සියලුම දෙනා ඉඩම් බාර ගන්නේ නම් ඉදිරිය සඳහා කුමන හෝ පියවරක් අනුගමනය කිරීමට හැකි බවත් එසේ නොමැතිව කීප දෙනෙකුට පමණක් සහන සැලසීම දුෂ්කර බවත් දිසාපතිවරයා කියා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා දැනට නිදහස් කොට ඇති ඉඩම්වල මුල් අයිතිකරුවන් හැකි ඉක්මනින් ඉඩම් බාර ගන්න්නා ලෙස දිසාපතිවරයා පළාතේ ග්‍රාම නිලධාරීන් මගින් ජනතාව දැනුම්වත්කර ඇත.

Exit mobile version