ආයෝජකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට සූදානම් – ඉන්දීය මුදල් ඇමතිනිය කියයි

india an investment destination

රට තුළ ආයෝජන දිරිගැන්වීම සඳහා රජය හැකි ඕනෑම වේදනාකාරී තීරණයක් ක්‍රියාත්මක කිරීමට කරන බව ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් පසුගිය 26වැනිදා ආයෝජකයන් හමුවේ සහතික කරනු ලැබීය.

එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ හි ‘ඉන්දියාවේ ඩිජිටල් විප්ලවය සඳහා ආයෝජනය කිරීම’ මැයෙන් වූ වටමේස සාකච්ඡාවක් අමතමින් මේ බව සඳහන් කර ඇති ඇමැතිවරිය, ආයෝජකයින් සමඟ ඔවුන්ගේ ගැටළු අවබෝධ කර ගැනීමට සහ ඒවාට විසඳුම් සෙවීමට ඔවුන් සමඟ නිරන්තරව සම්බන්ධ වීමද සහතික කර තිබේ..
එසේම මුදල් ඇමැතිවරිය ප්‍රකාශ කර ඇත්තේ ආයෝජකයන්ගෙන් යෝජනා ලබා ගැනීමටත්, ඔවුන්ගේ ගැටළු තේරුම් ගැනීමටත්, හැකි සෑම තැනකදීම අවශ්‍ය පිළියම් ලබා දීමටත් ඇය විවෘත බවයි.

ඉන්දියාවේ ශක්තිමත් ආරම්භක පරිසර පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා, ඉතා ක්‍රියාශීලී වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, එම වැඩසටහන් සමග සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන අය ඇමතිවරිය විසින් දිරිමත් කළ බව ඉන්දීය මුදල් අමාතයංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාවේ ඇති වඩාත් විශේෂත්වය වන්නේ ඉන්දියාව ඩිජිටල්කරණය හඹා යාමේදී, 2023 වන විට ඩිජිටල් මුදල් ඒකක හඳුන්වා දෙන බව මුදල් ඇමතිවරිය විසින් ආයෝජකයන් හමුවේ අනාවරණය කර තිබීමයි.


මෙලෙස ආයෝජකයන් හමුවීමට පෙර දින මුදල් ඇමතිවරිය විවිධ මාතෘකා ආවරණය කරමින් ස්ටන්ෆොර්ඩ් (Stanford) විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් සමඟ සජීවී සංවාදයක්ද පැවැත්වූවාය. ඊට ඇය සමඟ ඇමරිකාවේ ඉන්දීය තානාපති තරංජිත් එස්.සන්දු සහ ප්‍රධාන ආර්ථික උපදේශක වී.අනන්ත් නාගේස්වරන් ද එක්ව සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමැතිනී සීතාරාමන් සෞඛ්‍ය, අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තා වටමේස සාකච්ඡාවකට ද ෆ්රැන්සිස්කෝ හිදී සහභාගී වූවාය. පැරණි භාරතීය ග්‍රන්ථවලින් ශක්තිමත්, සවිබල ඇති සහ ප්‍රබෝධමත් කාන්තාවන් පිළිබඳ උදාහරණ උපුටා දක්වමින් ඇමතිවරිය එහිදී පවසා ඇත්තේ වර්තමාන කාන්තාවන් ද ඊට නොදෙවෙනි බවයි.

Exit mobile version