ආයේ රට වැහුවොත් මාසෙ පඩියත් නැති වෙයි

රට තුළ කොරෝනා ආසාදිතයන් ඉහළ ගොස් යළිත් රට වසා දැමුවහොත් මාසික වැටුපවත් පවා ගෙවාගැනීමට අසීරු වනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

දැනට රට වසා දැමීම හොඳම පියවර ලෙස පෙනී ගියද එය අනෙක් අතින් දැඩි ආර්ථික අගාධයකට රට ඇද දැමීමක් වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිසා දැනට ලිහිල් කර ඇති සංචරණ නිදහස අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බුද්ධිමත්ව භාවිතා කරන්නැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ නොමැතිවුවහොත් ළඟදීම ආර්ථිකය ඇද වැටීම හේතුවෙන් මාසික ආදායම අහිමි වන තැනට පත් වීමට ඉඩ ඇති බව හෙතෙම අවධාරණය කළේය.

Exit mobile version