ආයුර්වේද රෝහල් 117ක ඇඳන් 5000 හිස්… කොවිඩ් රෝගීන් නිවෙස්වල…

දිවයිනපුරා ආයුර්වේද රෝහල් 117ක ඇදන් 5000ක් තිබියදී කොවිඩ් වයිරසය ආසාදනය වූ පුද්ගලයින්ට විශාල වශයෙන් නිවෙස්තුළ රැදීමට සිදුව ඇතැයි දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් කමිටුව සමග දිගින් දිගටම සාකච්ඡා කළ නමුත් මේ වන විට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට ආයුර්වේද වෛද්‍යවරුන්ට අවස්ථාව ලබා දී නොමැති බව ආයුර්වේද දෙපාර්ථමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ඉබිගමනින් තීන්දු තීරණයන් ගැනීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති බවත්  ඔවුන්ගේ තීන්දු තීරණයන් හේතුවෙන් රෝගීන් අසාධ්‍ය තත්වයට පත් වීම හා මරණයට පත්වීම අද සීඝ්‍රරයෙන් සිදුවෙමින් පවතින බවද ඔහු පෙන්වාදේ.


මේ වන විටත් කිසිදු කොවිඩ් රෝගියෙකුට ආයුර්වේද ප්‍රතිකාරයක් තියා  ප්‍රතිශක්තිය වඩවන දේශීය  ඖෂධ ලබා දීමට අවසර නොමැති බව ද හෙතෙම අනාවරණය කළේය.

අප මේ සම්බන්ධයෙන් ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩගෙන් විමසු විට ඔහු සදහන් කළේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පාලන කමිටුව සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් ලබන සතිය තුළදී ඒ සදහා බොහෝ දුරට අවසර හිමිවනු ඇති බවත්ය‍‍.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විටත් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දිය යුත්තේ කෙසේද යන්න පිලිබඳව රෝහල් කාර්ය මණ්ඩලය සාමජිකයින්ව දැනුවත් කරමින් සිටින බවද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

Exit mobile version