ආන්දෝලනාත්මක චීන කොවිඩ් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය…

ආන්දෝලනයට ලක් වූ  චීනයේ නිෂ්පාදනය කරන   සයිනෝෆාර්ම් එන්නත කොන්දේසි කීපයකට යටත්ව හදිසි භාවිතය සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වීමට සහ ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී තිබේ.

ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මේ බව තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට  මෙම එන්නත ලබා දීමට නියමිත බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.  සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස ලබා දෙන බව චීන රජය මේ වන විටත් නිවේදනය කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සයිනෝෆාර්ම් එන්නත මේ වන විට ලෝකයේ රටවල් 37ක මිලියන 43 ක ජනතාවට ලබා දී ඇත.

Exit mobile version