ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ගෙන්වූ පොලිස්පතිට තිත්ත කතාවෙන් බනී… ඉල්ලා අස්වන්න බලපෑම්!

මන්ත්‍රී නිවාස ගිනි තැබීමට ඉඩ හැරීමේ වරද පිළිගෙන ඉල්ලා අස්වෙන්නැයි කියයි...

DC-Wicramarathna

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පොලිස්පතිවරයා ගෙන්වා ගිනි තබා විනාශ කළ  මන්ත්‍රී නිවාසවටලට ආරක්ෂාව නොදීම සම්බන්ධව නිර්දය ලෙස බැන වැදී ඔහුට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කර  ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වය තුළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම බෙහෙවින්ම උණුසුම් වී ඇති අතර ඔහු දුටු බොහෝ මැති ඇමතිවරු පොලිස්පතිවරයාට අතිශය නිර්දය ලෙස බැණ වැදී ඇත.

මේ අවස්ථාවේ දී නැගී සිටි රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා  ජනාධිපතිවරයා තමා ඉදිරිපිටදී දෙවරක්ම දුරකථනයෙන් පොලිස්පතිවරයා අමතා මන්ත්‍රීවරුන්ගේ නිවාස ආරක්ෂා කරන ලෙස නියෝග කළ බව කීවේය.  “නමුත් ඔහු ඒ සඳහා පියවරක් ගෙන තිබුණෙ නෑ. එහෙම පියවර ගත්තා නම් මෙවැනි ව්‍යසනයක් වෙන්නෙ නෑ “ . මන්ත්‍රීවරයා කීවේය.

එවිට චන්න ජයසුමන නැගිට එය සත්‍යයක් බව පවසා විරෝධය එල්ල වූ අවස්ථා දෙකෙකදීම     පොලිස්පතිවරයා අමතා ආරක්ෂාව  ඉල්ලා සිටි බව කීවේය.  එය නොසලකා හැරීම නිසා මහා විනාශයක් වූ බවත් මෙම වගකීම ඍජුවම පොලිස්පතිවරයා විසින්  භාරගත යුතු බවත්  කී චන්නන ජයසුමන මේ පිළිබඳව පොලිස්පතිවරයාට එරෙහිව පුර්ණ පරීක්ෂණයක් තැබිය යුතු බව කීවේය.


“ වෙන රටක මෙහෙම සිද්ධියක් වුනා නම් මෙලහට පොලිස්පතිවරයා ඉල්ලා අස් වෙලා.“  චන්න ජයසුමන කීවේ එසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අවස්ථාවේ දී  ඩයනා ගමගේ  පවසා ඇත්තේ  මේ සිද්ධිය සම්බන්ධව   පොලිස්පතිවරයා මෙන්ම  හමුදාපතිවරයාත් වගකිව යුතු බවය.  හමුදාවත් මන්ත්‍රී නිවාස ගිනි තබන තුරු බලාගෙන සිටි බවය.

Exit mobile version