ආණ්ඩුව පිස්සු ගෑණුන්ට ඕන විදිහට වැඩ කරන්නෙ නෑ… රාජ්‍ය ඇමති නිමල් ලංසා…

මධ්‍යම අධිවේගී මාර්ගයේ මුල් සැලැස්ම වෙනස් කිරීමට සමහර ‘පිස්සු කාන්තාවන්’ රජයට ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ප්‍රකාශ කළේය.

උත්සව අවස්ථාවක් අමතමින් ඔහු ප්‍රකාශ කලේ දේශපාලන න්‍යායපත්‍ර මත කටයුතු කරන ඒ පිස්සු කාන්තාවන්ට අවශ්‍ය පරිදි තම රජය වැඩ නොකරන බවය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මුල් සැලැස්ම වෙනස් කළහොත්  ඒ සඳහා බිලියන 88 ක් වැය කිරීමට සිදුවන අතර ගස් 100 ක් පමණ කපා දැමීමට සිදුවනු ඇතැයි ඔහු පැවසීය.


“  මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට ජනතාවට අවශ්‍යයි. එය හැකි ඉක්මනින් නිමා කරනවා.“ ඔහු වැඩිදුරටත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


– ඩේලි මිරර් –

Exit mobile version