ආණ්ඩුව පාඩු ලබන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක්   ආයෝජකයන් හා එක්ව  ප්‍රතිව්‍යුගතකරණයට සූදානම්…

පාඩු ලබන රාජ්‍ය ආයතන නිසි කළමනාකරණයක් සහිත ප්‍රතිව්‍යුගත කිරීමක් අවශ්‍ය බවත් මත්තල ගුවන් තොටුපල, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු හඳුනාගත් රාජ්‍ය ආයතන සහ  සේවාවන් රැසක් නව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ වහාම ප්‍රතිව්‍යුගත කිරීමට සූදානම් බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

පවතින ආර්ථික අර්බුදය දරා ගැනිමට ඉන් මෙපිට විසඳුමක් නොමැති බව පෙන්වා දී ඇති රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් මාසිකව රුපියල් කෝටියක පාඩුවක් ලබන   මත්තල ගුවන් තොටුපල වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.

මේ සම්බන්ධ වෘත්තීය සමිති පවසන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් රාජ්‍ය ආයතන සහ වටිනා සම්පත් පුද්ගලික අංශට විකුණා දැමීමේ උත්සාහයක ආණ්ඩුව නිරතව සිටින බවත්, එහි ලේබලයක් ලෙස ප්‍රතිව්‍යුහගතකරණය  වචනයක් ලෙස  භාවිත කරන බවත්ය.

ප්‍රතිව්‍යුහගතකරණයට පත් සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ සිදුකළේ  ප්‍රතිව්‍යුහගත යන වචනය ඉදිරියට දමාගෙන වටිනා රාජ්‍ය සම්පත් තම හිත මිතුරන්ට කුණු කොල්ලයට විකිණීම බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුලු රාජ්‍ය ආයතන රැසක්ප්‍රතිව්‍යුගත කිරිම මුවාවෙන් විකුණා දැමීමට සූදානම් බව ඔවුහු චෝදනා කරති.

 

Exit mobile version