ආණ්ඩුව කියන මිලට හාල් දෙන්න බෑ… මෝල් හිමියෝ කියති…

රජය නිකුත් කළ පාලන මිලට සහල් ලබා දිය නොහැකි බව සහල් නිශ්පාදනයේ යෙදන ව්‍යාපාරිකයෝ ගණන් හිලවු සහිතව පෙන්වා දෙති.

රජය රුපියල් 92ක තොග මිලක් නාඩු සහල් කිලෝවක් සඳහා ලබා දෙන ලෙස දන්වා සිටින්නේ නිශ්පාදන වියදම සම්බන්ධව කිසිම අවබෝධයකින් තොරව බව පෙන්වා දෙන මෝල් හිමියන් මේ වනවිට පොලොන්නරුවේ දී නාඩු වී කිලෝවක් රුපියල් 60ක් පමණ වන බවත්, මේ වී කිලෝවකින් සහල් කිලෝවක් නිශ්පාදනය කර අවම ලාභයක් ඇතිව වෙළඳපලට මුදා හැරීම සඳහා රුපියල් 101.50ක් වැය වන බවත් ඔවුහු පෙන්වා දෙති.

“ සමහරවිට ඔය මහා පරිමාණ මෝල් කීපයෙ වී තොග ගොඩ ගහලා ඇති. ඒත් කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ලග වී තොග නෑ,.. මේ වනවිට සියලුම වී තොග ඉවරයි. දැන් මේ කියන මිලට සහල් දෙන්න නම් අපි කිලෝවකින් රුපියල් 9.50ක 10ක ශුද්ධ අලාභයක්   දරා ගත යුතුයි… මින්  මුලින්ම සිදුවෙන්නෙ ලබන සතිය තුළ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ සහල් නිශ්පාදනයෙන් ඉවත් වීම. ඒ සමග සහල් හිඟයක් ඇති වේවි. මහාපරිමාණ සහල් මෝල් හිමියො ඒකක ආණ්ඩුවට මේ වැඩේ යන්න පුලුවන් දුරක් තියනවා. ඊට පස්සේ ඔවුන් සහල් ආනයනයකට යයි…“


ඔවුහු පෙන්වා දෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කීවේ වැඩි මිලට සහල් අලෙවික කරන වෙළෙඳුන් සොයන මෙහෙයුම් සඳුදා සිටි ආරම්භ කරන බවය.

 

Exit mobile version