ආණ්ඩුව කාබනික ප්‍රතිපත්තිය රිවස් කළේ නෑ… ලේකම් බොරු කී බව කෘෂිකර්ම ඇමති කියයි!

ශාඛ පෝෂක ලෙස රසායනික පොහොර ගෙන්වීම සඳහා තමන්ට සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි  වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ විසින් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්  වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  පැවසීය.

ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාවගේ සුබ සිද්ධිය තකා ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් රජය කිසිඳු ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන නැතැයි ඔහු පැවසුවේය.


Exit mobile version