ආණ්ඩුවේ මැති ඇමතින්ට 20 ගැන ප්‍රසිද්ධ විවේචන තහනම්

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පිළිබඳ ව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් හෝ විවේචනයට කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන්ට සහ ඊට සම්බන්ධ ක්‍රියාකාරීන්ට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම් දී ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මේ වනවිට විශේෂඥ කමිටුවක් හරහා යළි සංශෝධනය වන 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව පොදු එකඟතාවකට එලඹෙන තෙක් මෙම තහනම ක්‍රියාත්මක බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ලංකාසරට පැවසීය.

පසුගියදා 20 වැනි සංශෝධනය ගැසට් කොට එළි දැකීමෙන් පසු ආණ්ඩුවේ ඇමතිවරුන් විවිධ පරස්පර අදහස් දැක්වීම නිසා විසි වැනි සංශෝධනයෙන් අපේක්ෂා කළ ආකාරයට එම කටයුත්ත සිදු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තහනම පනවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර 20 වැනි සංශෝධනය පිළිබඳව සොයා බලා එය අලුතෙන් කෙටුම්පත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව අද සිට දිනපතා රැස්වන අතර අද දින සාකචඡාවලින් අනතුරුව අග්‍රමාත්‍යවරයාද හමුවීමට නියමිතව තිබේ.

Exit mobile version