ආණ්ඩුවට තුනෙන් දෙක නොදෙන්න ශ්‍රී.ල.නි.ප – ස.ජ.බ. සාකච්ඡාවක..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා නොදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට දෙපාර්ශවය අතර මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
ආණ්ඩුව සමග සිටිමින් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරනවා ද, එසේත් නැතිනම් විපක්ෂයට එක්ව ඍජුව ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරනවාද යන්න පිළිබඳව තවමත් දෙපාර්ශවය අතර නිශ්චිත වශයෙන්ම එඟතාවයකට පැමිණ නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, රෝහණ ලක්ෂ්මන් පියදාස යන පිරිසත්, සමගි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, ජේ.සී.අලවතුවල ඇතුළු කණ්ඩායමත් සහභාගී වී ඇති බව වාර්තා වේ.
මෙම වැඩපිළිවෙළ සඳහා ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සංධානය ප්‍රමුඛ විපක්ෂයේ අනෙක් පක්ෂ සහ ආණ්ඩුව තුළ කලකිරීමකට ලක් වී සිටින පිරිස් එක් කර ගැනීම කෙරෙහිද දෙපාර්ශවය අතර සාකච්චාවලදී අවධානය යොමු වී ඇත.
මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු කියා සිටියේ මෙතෙක් එවැනි සාකච්ඡාවක් නොපැවති බවය.

Exit mobile version