ආණ්ඩුවට එරෙහිව සජබ වෙතින් පුළුල් දේශපාලන ව්‍යාපාරයක්

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව සමගි ජනබලවේගයේ මූලිකත්වය යටතේ ඉදිරි සති කිහිපය තුළ පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලංකාසරට පැවසීය.

දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ආගමික හා සමාජ සංවිධාන මෙන්ම ප්‍රධාන වෘත්තීය සමිති ඇතුළු බලවේග රැසක් මේ වන විටත් මෙම නව දේශපාලන ව්‍යාපාරය සමඟ එක්වීමට එක්වීමට එකඟත්වය පළ කර තිබෙන බව හෙතෙම අනාවරණය කළේය.

ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය නිසා නුදුරේදීම සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න ගණනාවක් මතුවීමේ පෙරනිමිති මේවන විට පහළ වී තිබෙන බවත් එම තත්ත්වය හමුවේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම දක්වා වූ ක්‍රියාමාර්ගවලට නව දේශපාලන ව්‍යාපාරය යොමුවන බව අත්තනායක මහතා අවධාරණය කළේය.


සියලු දේශපාලන පක්ෂවල එකඟත්වයෙන් සම්මත කරගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කරමින් ආණ්ඩුව ගෙනඒමට සැලසුම් කරන විසිවෙනි සංශෝධනය හරහා රට ඒකාධිපති පාලනයකට යොමුවන බවත් එමගින් රටේ ජනතාවට ඉදිරියේදීත් දරුණු ප්‍රතිපත්ති විපාකයන්ට මුහුණපෑමට සිදුවනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වත්මන් ආණ්ඩුව පිහිටුවා කෙටි කාලයක් ගතවුවද මේ වනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ මත ගැටුම් දෙදරා යන තත්ත්වයට පත්ව තිබෙන බවත් ඒ පසුබිම තුළ නව බලවේගයට ආණ්ඩුවේ පිරිස් ඒකරාශි කරගනිමින් ජනතාව පෙළගැස්වීමට ඉදිරියේදී පියවර ගන්නා බව අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version