තමන්ට ආණ්ඩුවට එක්වීමට කිසිම අවශ්‍යතාවයක් නැති බවත් ජනාධිපති අපේක්ෂක ධූරය තමන් වෙත ලබා දෙන්නේ නම් පමණක් ආණ්ඩුව සමග එක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.
තමන් සිටියේ ජනාධිපතිවරයෙක් ලෙස බව කී ජනාධිපතිවරයා තමන්ට වෙනත් තනතුරුවලට ගොස් ප්‍රයෝජනයක් නොමැති බවත් කියා සිටියේය. ඔහු මේ බව පැවසුවේ අද ආසන සංවිධායකවරුන් ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට ගෙන්වා සිදුකළ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ වනවිට රටේ හැම දේශපාලන පක්ෂයක්ම රට සේම අවුලට ගොස් ඇති බව කී හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ අර්බුද හමුවේ යම් යම් හැල හැප්පිම් වුවද පක්ෂය විනාශ වී නැති බවත් පක්ෂය හොඳ තත්ත්වයේ පවතින බවත් පැවසුවේය.
කෙසේ වෙතත් අද කැඳවා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමට වඬුවස්නුවර ආසන සංවිධායක දයාසිරි ජයසේකර කැඳවා තිබුණේ නැත. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අද දවසේ ගත කළේ අධිකරණයේය.
ඔහු ශ්‍රී ලංකා නිදහස්පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සහ මහලේකම් ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ පැමිණිල්ලක් ගොනු කළේය.
එම පැමිණිල්ලේ තීන්දුව ලබා දෙමින් දිසා අධිකරණය ඔහුගේ සාමාජිකත්වය අත්හිටුවීමට ඉල්ලූ වාරණ නියෝගය ප්‍රතික්ෂේප කර මහලේකම් වරයා ලෙස සරත් ඒකනායක එම ධූරයේ වගකීම් දැරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කළේය.